*
Monday, May 26, 2025
spot_img

Latest Posts

ඊශ්‍රායලයට ඉරාන ප්‍රහාරයක් අත ළඟ – ජෝ බයිඩන්

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයට ඉරාන ප්‍රහාරයක් ඇත ළඟ බව තමන් විශ්වාස කරන බවත්, ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට තමන් කැපවී සිටින බවත්, සිය සහය ඊශ්‍රායලයට ලබා දෙන බවත්, ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට උදව් කරන බවත්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(12)දිනයේදී ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ.

පුලුල් කලාපීය යුද්ධයක් පිලිබඳ භීතිය වර්ධනය වීමත් සමග මෑත දිනවල ඊශ්‍රායලය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සීරුවෙන් සිටින බවයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ,

පසුගිය සතියේ සිරියාවේ සිරියාවේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයකට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයක් හේතුවෙන් ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර ආතතීන් වර්ධනය විය. ප්‍රහාරයෙන් අනතුරුව ඉරාන ජනාධිපති අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලයට බලවත් ප්‍රහාරයක් එල්ල කරන බවට පසුගියදා නිවේදනය කළ අතර ටෙහෙරානයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් නිවේදනය කර තිබුණේ, ඊශ්‍රායල් ප්‍රහාරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පියවර ගැනීමට අපොහොසත් වීමෙන් පසු ඉරානයට තම රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඉරානයට හැඟුණු බවයි.

තර්ජනයේ අපේක්ෂිත කාලය පිළිබඳ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කළ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ අපි මෙය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එක්සත් ජනපද බුද්ධි තොරතුරු වලට අනුව, ඉරානය ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල ආදිය අභ්‍යන්තරව එහා මෙහා ගෙන යන ආකාරය එක්සත් ජනපදය නිරීක්ෂණය කර ඇති අතර, එය තම භූමිය තුළ සිට කලාපය තුළ ඊශ්‍රායල හෝ ඇමරිකානු වත්කම් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර දියත් කරනු ඇති බවයි.

මෙම තත්වය හේතුවෙන් ඉන්දියාව, ප්‍රංශය, කැනඩාව, එක්සත් රාජධානිය, පෝලන්තය සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයක් කලාපයට සංචාරය කිරීමට එරෙහිව තම පුරවැසියන්ට අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇති අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ඉරානය, ලෙබනනය, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශවලට ගමන් කිරීමට එරෙහිව පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan