ඉංජිනේරුවන් රට හැර යන්නේ ඇයි?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13, කොළඹ (LNW): ගතවූ වසර දෙකක කාලසීමාවේදී ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය ‍සේවා ඉංජිනේරු සංගමය පවසා සිටී.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක සඳහන් කළේ, දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව 2023 වසරේදී ඉංජිනේරුවරුන් පන්දහසක් පමණ රට හැර ගොස් ඇති බවයි.

පසුගිය කාලයේදී මෙරට අතහැර වෙනත් රටවල රැකියා සඳහා ගිය සමස්ත වෘත්තිකයින් අතරින් සියයට හතළිහක් පමණ ඉංජිනේරුවරුන් බවද පැවසේ.

මේ වනවිට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත් අත්දැකීම් සහිත පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ නොමැතිවීම බරපතල තත්ත්වයක් බවත්, මේ වන විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින් වෙත ලබාදෙන වැටුප ඉතාමත් පහළ මට්ටමක පවතින බැවින් මෙහි නිරත පිරිස රටහැර යාම ඉහළගොස් ඇති බව පැවසූ ඒ මහතා කියාසිටියේ මේ මොහොතේ හෝ වැටුප් වැඩිවීමක් සම්බන්ඳයෙන් සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්‍රයේ නිරත ඉතිරි පිරිසද රට හැරයාම වළක්වාගත නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...