රටේ ආර්ථිකය ගොඩගන්න හැටි මෙන්න!

Date:

කොළඹ LNW:තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් රටේ ආර්ථිකය වර්ධනය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ඊට අවශ්‍ය හැකියාව සහිත තරුණ ප්‍රජාවක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගේ දක්ෂතා, කුසලතා වර්ධනය කරමින් නව ආර්ථික ප්‍රවේශයකට රට යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එහිදී අධ්‍යාපනය කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි.

තරුණ ප්‍රජාව දේශපාලනයට සම්බන්ධ කර ගැනීම ද කාලීන අවශ්‍යතාවක් වන හෙයින් එක්සත් ජනරජ පෙරමුණ හෙට නොව අද ම තරුණයන්ට සුදුසු වටපිටාව නිර්මාණය කරන බව ද රණවක මහතා සඳහන් කරයි.

”පාර්ලිමේන්තු තරුණ නියෝජනය වැඩි කළ යුතුය. දැනට අවුරුදු 40 ට අඩු 26 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති. එහෙත් වැඩිහිටියන්ට සාපේක්ෂව එය අඩු අගයකි.කාන්තා නියෝජනය ද වැඩි කළ යුතුයි. යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...