මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව ඒ මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස මාරුකර යවා තිබේ.
එසේම මෙතෙක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා තනතුරේ සිටි ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවත් සඳහන්.
පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ ද නිලන්ත ජයවර්ධන මහතා ය.
RN