දොළපිදේනි දීලා ඔළු ගෙඩි සෙල්ලමෙන් මේ ප්‍රශ්නය දැන් විසඳන්න බැහැ – දයාසිරි

0
521

ජනාධිපතිවරයා විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා අර්බුදය උත්සන්න වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (13) පක්ෂ 11 එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම ජනාධිපතිවරයා වටේ ඇඹරි ඇඹරි සිටින තිදෙනා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන ද මේ විනාශයට වගකිව යුතු වන බවයි එහිදී සඳහන් කළේ.

ඔවුන් මේ වන විට විවිධ දොළ පිදේනි දෙමින් 113 සාදා ගැනීමේ කූට උපක්‍රමයක් නියැලී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එය වහාම නැවැත්විය යුතු වන බවත් ඔළු ගෙඩි සෙල්ලමෙන් මෙය විසඳා ගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here