ප්‍රාදේශීය සභා සියල්ලේම බලය අපට ඕනා. විපක්ෂයට දුන්නොත් සල්ලි නොලැබෙයි, ඒ ප්‍රාදේශීය සභා කොන්වෙයි – ජනපති අනතුරු හඟවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලැබෙන ප්‍රාදේශීය සභා සඳහා පමණක් ඇස් පියාගෙන මුදල් අනුමත කරන බවත් තමන්ට බලය නොලැබෙන ප්‍රාදේශීය සභාවලට මුදල් ලබාගැනීම අසීරු වනු ඇති අතර ඒවා කොන්වුණු ප්‍රාදේශීය සභා වනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා ? මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම – මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ ? ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙ ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්. අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද ? ආ … කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා. ඊළඟ අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ ? දහ සැරයක් බලනවා. ඇයි ? දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ ? පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට. ගියෙ නැද්ද ? එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද ? එහෙම නම් නෑ, මතක තියාගන්න. එහෙම නම් එවන්න ඕනෙ කවුද ? ජාතික ජන බලවේගයට තමයි මේ ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබාදෙන්න ඕනෙකම තියෙන්නෙ මේ සැරේ. නැත්නම් වැඩක් නෑ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නෙ ? කොන් වුණු ප්‍රාදේශීය සභා. මහ ආණ්ඩුව කරන වැඩවලට කකුලෙන් අදින ප්‍රාදේශීය සභා. එහෙම හරියන්නෙ නෑ”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 12) කන්තලේ නගරයේ පැවති ජන රැළියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...