ප්‍රති ත්‍රස්ත පනත 25 පාර්ලිමේන්තුවට – තවත් පනත් කිහිපයක් වැට උඩ

Date:

කොළඹ LNW:ත්‍රස්ත විරෝධි නව පනත් කෙටුම්පත එළඹෙන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය 04 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණද පාර්ශව රැසක විරෝධය හේතුවෙන් එය තාවකාලිකව නතර කර තිබුණි.

කෙසේ වෙතත් ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒම පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස තමන් ඉල්ලීමක් කළ බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම වින්ධිතයින් සහ සාක්ෂකරුවන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් ද ලබන 25 වැනි දායින ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

දුෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වනු ඇති බව රාජපක්ෂ මහතා කියාසිටියි.

කෙසේවෙතත් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රති ත්‍රස්ත පනතට ආණ්ඩුව තුළද විවේචනාත්මක තත්ත්වයක් මතුව තිබෙන අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන්නේ නම් ඊට සහය දැක්විය නොහැකි බව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...