*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/13

  1. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව නොමඟ යවමින් නිකුත් කළ බරපතල සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව බොහෝ විශ්ලේෂකයෝ කම්පනයට පත්ව සිටිති – වසරකට ආසන්න කාලයක් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමක් සිදුනොකරන බවට පුන පුනා සපථ කර සිටි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, දැන් දෙශීය ණය ද ප්‍රතිව්‍යූහගත කරන බවට පවසයි.
  2. නව වසර හේතුවෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ සියලු මත්පැන් සහ වයින් සැල් වසා දැමීමට තීරණය කෙරේ.
  3. විශ්ව විද්‍යාල ආචාර්යවරු, තම වැඩ වර්ජනය තාවකාලිකව නවතා දමා අප්‍රේල් 17 වන දින සිට යළි අධ්‍යයන කටයුතුවල නිරත වීමට තීරණය කරති – කෙසේවෙතත්, අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් පරීක්ෂාවට තමා සහභාගී නොවන බව ද පවසති.
  4. කොම්පඤ්ඤවීදියේ ඉංග්‍රීසි නාමය “Slave Island” වෙනුවට “Kompanna Veediya” යනුවෙන්ම නම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැලේ සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සිය කෘතඥතාව පුදකරයි.
  5. ගත කරන මෙම දුෂ්කර කාලසීමාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට “සහයෝගය” ලබා දෙන බව එම අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි – අර්බුදයෙන් ගොඩයෑමට “සියලු දෙනා එක්ව තම භූමිකාව ඉටු කිරීම වැදගත්” බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආජන්ටිනාවට ද මේ හා සමාන සහතිකයක් ලබා දුන් අතර, එම අරමුදලේ වැඩසටහනක් එරට ක්‍රියාත්මක කිරීමෙන් වසරකට පසු ආජන්ටිනාවේ උද්ධමනය වර්තමානයේ සියයට 100 ඉක්මවා ගොස් ඇති බවත්, එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 78 තරම් වූ අතිවිශාල අගයකට පැමිණ ඇති බවත් විශ්ලේෂකයෝ පවසති.
  6. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි ආරක්ෂිත පද්ධතිවලින් සමන්විත සේප්පුවක් තුළ තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇති අතර, එසේ “අතුරුදන්” වූ රු. ලක්ෂ 50 ක මුදල් සෙවීමේ විමර්ශනයක් පොලීසිය විසින් දියත් කර ඇති බව වාර්තා වේ.
  7. 2023 ජූනි මාසයේ සිට සුදුසුකම් ලත් පුද්ගලයන්ට සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් සිදු කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී විජයරත්න පවසයි – මිලියන 3.2 කට අධික නිවාස වෙතින් ලැබුණු අයදුම්පත් දැන් සත්‍යාපනය වෙමින් පවතින බව ද පවසයි.
  8. සමඟි ජන බලවේගයේ පා.ම. රාජිත සේනාරත්න රජයට සම්බන්ධ වීමට ගත් තීරණය “වෙනස් කර ගෙන ඇති” බවට එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවේ – තම ප්‍රකාශ “සාවද්‍ය ලෙස අර්ත නිරූපණය කර ඇති” බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසයි.
  9. මෙම වසර අග දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ගැනීමේ (automatic qualification) ක්‍රියාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වීමට හේතු සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව කටයුතු කිරීමට නියමිත ය.
  10. ශ්‍රී ලංකාවට පැනවූ තහනම හේතුවෙන්, ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායමේ පාපන්දු සම්මේලනය, 2024 පිරිමි ඔලිම්පික් පාපන්දු තරඟාවලිය, ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟ සහ AFC U23 Asian Cup Qatar 2024 සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට සුදුසුකම් නොලබන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) දන්වා සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan