තර්ජණි නාවෝත් ඉමාෂා

Date:

දකුණු අප්‍රිකාවේ පැවත්වෙන ලෝක සූරතා දැලපන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.ආසියානු සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දිමේදී කණ්ඩායමේ නායකත්වය දැරූ ගයංජලී අමරසිංහ සහ උප නායිකාව වූ දුලංගි වන්නිතිලක ද අවසන් දොළොස් දෙනා අතර සිටියත් නම් කරන ලද 12 දෙනාගේ සංචිතයට තවම නායිකාවක් පත් කර නැහැ.

මේ අතර නම් කරන මුල් 12 දෙනාට අමතරව ඔවුන්ගේ ගැටළුවක් පැන නැගුණහොත් ඒ සඳහා ආදේශ කිරිමට ක්‍රීඩිකාවන් තිදෙනෙක්ද දොළොස් දෙනාට අමතරව අතිරේක ක්‍රිඩිකාවන් ලෙස නම් කර තිබෙනවා.ඒ තිදෙනා අතර සිටින ඉමාෂා පෙරේරා යම් හෙයකින් මුල් දොළොස් දෙනා අතර සිටින තර්ජණිට ඕස්ට්‍රේලියාවේ සිට තරගාවලියට නොපැමිණියහොත් මුල් දොළොස් දෙනා අතරට උසස් කිරීමත් මේ තේරිමේදි නිර්දේශ වී තිබෙන බව වාර්තා වෙනවා.
පහතින් දැක්වෙන්නේ නම් කර සිටින දොළොස් දෙනා ඇතුළත්වන ප්‍රධාන සංචිතය සහ අතරේක ක්‍රීඩිකාවන් තිදෙනා සහිත නාම ලේඛණය යි.දැනට මෙම නාම ලේඛණය අමාත්‍යංශයට අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබෙනවා.

1.ගයංජලී අමරවංශ
2.ගයනි දිසානායක
3.තිසාලා අල්ගම
4.සෙමිනි අලිවිස්
5.චතුරංගි ජයසුරිය
6.මල්මි හෙට්ටිආරච්චි
7.දුලංගි වන්නිතිලක
8.භාෂිනි යෝෂිතා
9.රෂ්මි පෙරේරා
10.ගයත්‍රි කෞෂල්‍යයා
11.ශානිකා පෙරේරා
12.තර්ජිනි සිවලිංගම්
අතිරේක
13.ඉමාෂා පෙරේරා
14.චමුදි වික්‍රමරත්න
15.රැක්ෂලා හපුආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...