අභියෝග රැසක් මැද අලුත් අවුරුද්ද උදා වෙයි

අද උදෑසන 08.41 කට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා විය.

මෙවර ශ්‍රීලාංකිකයන්ට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව තිබෙන්නේ අර්බුද, අභියෝග රැසක් මධ්‍යයේයි.

අලුත් අවුරුද්ද සැමරීම සඳහා රටේ බොහෝදෙනාට ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල වරු ගණන් රස්තියාදුවීමට සිදු වූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය.

ආහාර පිසීමේ නැකත පෙරවරු 09.05 ට උදාවන අතර ආහාර අනුභවය සඳහා නැකත උදාවන්නේ පෙරවරු 10.17 ටයි.

UN