සටහන – පුලී
අප්‍රේල් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත දිනකදී මතභේදාත්මක වීඩියෝවක් වයිරල් වීමත් සමඟ ලාංකික තරුණ ටික්ටොක් නිර්මාණකාරිනියක් වන කලත්මා හිටිහාමිගේ යන අය ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් අපකීර්තිමත් කතා බෙදා ගැනීමට පරිශීලකයින්ට ආරාධනා කරමින් ඇය දැමූ පෝස්ටුවක් හේතුවෙන් ඇති වූ කැළඹීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව පැවසේ.

සතියකටත් අඩු කාලයකදී මිලියන දෙකකට අධික නැරඹුම් වාරයන් ලබාගෙන ඇති මෙම වීඩියෝව එකිනෙකාගේ අදහස් උදහස් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ඇති පෝස්ටුවකි. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් කිහිප දෙනෙකුට එල්ල කර ඇති බරපතල චෝදනා ඇතුළුව එහි අන්තර්ගතය පිළිබඳව පුළුල් විවාදයක් මෙන්ම ඒවාට තර්ජනාත්මක ප්රතිචාරයන්ද එහි නොඅඩුව දක්නට ලැබිණි.
ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ පළ කරන ලද ඇගේ පැහැදිලි කිරීම තුළින් වීඩියෝව පිටුපස ඇති මුල් අභිප්‍රාය කුමක්ද යනුවෙන් ඇය පැහැදිලි කළාය. ඇය පවසන පරිදි ඇය එතරම් නොසිතා එය දැමූ බවත්, එය ජාත්‍යන්තරව සංසරණය වෙමින්, ජනප්‍රිය පුද්ගලයින් සමඟ තමන්ට අත් වූ අනපේක්ෂිත හමුවීම් නැවත සිහිපත් කිරීමට පරිශීලකයින් දිරිමත් කරන්නක් බවත් වැඩිදුරටත් පැවසීය.
“මම මුලින් වීඩියෝව පළ කළ විට, මම ඕපාදූප සපයන්නැයි ඉල්ලා සිටියේ නැත,” ඇයගේ ප්‍රකාශයේ විය.
එම පෝස්ටුවේ පළමු අදහස් කිහිපය ආදරණීය වූ නමුත් යන්න යන්නම එය විනාශකාරී හැඟීම් දනවන සුළු තත්ත්වයක් දක්වා උද්ගත විය.
කෙසේ වෙතත්, මේ සිදුවීම නරක අතට හැරෙමින් පැවතිනි. එහි ටික්ටොක් අනුගාමිකයින් ඔවුන්ට හමුවූ ජනප්‍රිය පුද්ගලයින්ගේ හමුවීම් පමණක් නොව, ඔවුන් දන්නා වඩාත්ම මතභේදාත්මක කතාද ඒ ඔස්සේ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටීමත් ඒ පෝස්ටුවේ ඇතුළත් වූ අතර ඊට මෙලෙස ගිනි අවුලුවන ප්‍රතිචාර රාශියක් ලැබුණි.
එහි කොමෙන්ට්කරුවන් ලැබුණ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අමතක නොකර සිටියහ. ඉහළ පෙළේ පුද්ගලයින් ටැග් කිරීමට සහ අවිශ්වාසදායක ප්‍රකාශන මෙන්ම කෙලින්ම පාවාදීමේ සිට සාපරාධී හැසිරීම් සහ සූරාකෑම් දක්වා සත්‍යාපනය නොකළ ප්‍රකාශ කිරීමට පවා ඔවුන් පෙළඹීය.
එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට අනිසිදායක මහජන ප්‍රතිචාර එල්ල වූ බව වාර්තා වූ අතර, සමහර පරිශීලකයින් වීඩියෝව අපහාස නඩු සඳහා හේතු විය හැකි බවට ද අනතුරු ඇඟවීය.
කලත්මා වැනි නව යොවුන් වියේ ගැටිස්සියකට තමන්ට ඕනෑ කොන්ටෙන්ට් එකක් සමාජගත කිරීමට හැකිය. ලෝකයේ බොහෝ දෙනා හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද යොදා ගනිමින් තමන්ගේ පරිශීලකයන් පිරිස වැඩි කරගැනීමට දරන උත්සාහයන් වන අතර මෙය කලත්මා නොසිතා අතහැරිය එක් බිම් බෝම්බයක් විය. සමහරවිට ඇය මෙතරම් දෙයක් බලාපොරොත්තු නොවන්නට පුලුවන! නමුත් දැන් විය යුත්තක් හෝ නොවිය යුත්තක් සිදුව ඇත.
ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් දැනටමත් නිර්නාමික චෝදනාවල සදාචාරාත්මක සීමාවන් වල පල්ලට දමා ඒවා සුදු ද කළු ද අදාල නොවන සේ විවාද කිරීමට පටන් ගෙන තිබේ.
මේවාහි බලපෑම් කෙබඳුවේ ද යන්න පිළිබඳ කලත්මා වුවද සිහි තබා ගෙන වැඩ කිරීම දැන් දැන් ඇඟට ගුණය.