මෙච්චර කාලයක් අඩු බඩු අකුලාගෙන හිටපු අල්ලස් කොමිසමේ දැන් වැඩ කොහොමද? හිටපු ජනාධිපති සාක්ෂියි!

Date:

කොළඹ LNW:මේ වන විට අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් රටක් ලෙස සතුටු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

ජනාධිපතිවරයා විසින් ජනගත කරන ලද දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව 2025-2029 කාලය දුෂණයෙන් තොර රටක් කිරීම එහි අරමුණ වන අතර ඒ හා සමඟ අල්ලස් කොමිසමට පත්ව ඇති නායකත්වය දෙස බලන විට ඔවුන්ගේ බලය නිසිලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.

” රනිල් වික්‍රමසිංහ හිටපු ජනධිපතිතුමා අල්ලස් කොමිසමට කැකඳවල තියෙනවා ප්‍රකාශයක් ගන්න. අල්ලස් කොමිසමට හිටපු ජනාධිපතිතුමා මේ කැඳවල තියෙන්නේ කුමන කටයුත්තක් සම්බන්ධයෙන්ද.චාමර සම්පත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබෙන චෝදනාවට අදාළව හිටපු ජනධිපතිතුමා මාධ්‍ය ඉදිරියේ කරපු ප්‍රකාශයක් අලලා තමයි මේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස කැදෙව්වේ. මේකේ අපි සතුටු වෙන්න ඕනේ කාරණය ඔහුව අලස් කොමිසමට කැඳවීම කියන කාරණය නෙවෙයි.. මේ අල්ලස් කොමිසමට කැඳවන්නේ හිටපු ජනාධිපතිතුමා මාධ්‍ය ඉදිරියේ මේ ප්‍රකාශය කරලා පැය 18 ක් යන්න කලින් අල්ලස් කොමිසමෙන් කැඳවල ප්‍රකාශ සටහන් කරගැනීම කියන කාරණය තමයි අපි සතුටුවෙන්න ඕනේ. මොකද කලින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. බොහොම ලෙහෙසියෙන් ලොකු ලොකු අය දැල කඩාගෙන දැලෙන් රිංගලා යද්දී පුංචි අය තමයි දැලට හිරවුණේ. දඬුවම් වින්දේ. හැබැයි අද හිටපු ජනාධිපතිතුමා කියනවා මේක ලෝක වාර්තාවක් පැය 18ක් යන්න කිලං මාව කැඳවල ප්‍රකාශ සටහන් කරගන්න කියල. මේවා අපි සතුටු වෙන්න ඕනේ දේවල්. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ අපේ මේ වෙරළ තීරය,අවට පරිසරය, කාණු පද්ධතිය සුද්ද කරන එකම නෙවෙයි. ඒකත් එකක් තමයි. පරිසරය සමාජය සුද්ද කරන්න ඕනේ. ඒවගේම ආකල්ප සුද්ද කරන්න ඕනේ. ජනාධිපතිතුමා පසුගියදා දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලස්ම ජනගත කළා. 2025 ඉඳල 2029 දක්වා අපේ රට දුෂණයෙන් තොර රටක් කරන එක තමයි එකේ එකම අරමුණ. අද අල්ලස් කොමිසමට පත්වෙලා ඉන්න අදාළ නායකත්වය දිහා බැලුවහම මෙච්චර කාලයක් අඩු බඩු අකුලාගෙන හිටපු අල්ලස් කොමිසම දැන් තමන්ගේ බලය තමන්ට නීතියෙන් ලැබිල තියෙන වපසරිය හරියටම ප්‍රයෝජනයට අරගෙන දැන් තමයි වැඩ පටන් අරන් තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපට සතුටු වෙන්න පුළුවන් රටක් විදිහට.” යනුවෙන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...