අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි උතුරවයි!

Date:

කොළඹ LNW:සිංහළ – හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ පුරාණ චාරිත්‍රය අද (14) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

අලුත් අවුරුදු උදාවන මොහොතේදී දළදා වහන්සේ හමුවේ කිරි ඉතිරවීම පුරාණ සම්ප්‍රදාය වන අතර අලුයම 3.21ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුකෙරිණි.

දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේ මහාද්වාරය අබියස ලිප් බැද අලුත් වළං තුළ කිරි ඉතිරවීම සම්ප්‍රදාය වේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චාරිත්‍රය සිදුවූ අතර රටට සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමේ මෙම පුරාණ චාරිත්‍රයේ එක් අරමුණකි.

තේවාව භාර රාජකාරියේ නියුතු අස්ගිරි මහ විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය පිරිත් සඤ්ඤායනා කළ අතර රටට ජනතාවට රෝග බියෙන් තොරව සෞභාග්‍ය, සමෘද්ධිය අපේක්ෂා කරමින් දන්ත ධාතූන් වහන්සේ හමුවේ කිරි ඉතිරවීම සිදුකරන ලදි.

ශ්‍රී දළදා මාළිගාවේ රාජකාරියෙහි නියුතු කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...