හෘදය සාක්ෂිය වැටෙන්න දෙන්න එපා ! – තාරක ලියයි 

Date:


මේක අවුරුදු සුබ පැතුම් වහින වෙලාවක් මිසක දේශපාලනය කතාකරන වෙලාවක් නෙමෙයි තමයි. ඒත් කියන්න දෙයක් තියෙනවා. 

ලංකාවේ ලොකුම බහුජන සංස්කෘතික මොහොතක් නිසා, ජීවිත අලුත් කරගැනීම ගැන හැමෝම හිතනවා. 

ඔබ වාමාංශික වුනත් ලිබරල් වුනත් දේශපාලන අදහස මොකක් වුනත් මෙන්න මේ ටික රැකගන්න පුළුවන්නම් වටිනවා. 

මනුස්ස ජීවිතයට වම දකුණ භේදයක් නැහැ. අපේ කඳවුරේ උන්ගේ ජීවිත විතරයි ජීවිත, අනෙක් උන්ට හෙන ගැහුවත් කමක් නැහැ කියන ස්ථාවරයට එන්න එපා. මනුස්ස ජීවිතයට ගරු කරන්න. 

කිසිම මිනිහෙක් බඩගින්නේ සිටිය යුතු නැහැ. මිනිසුන් කුසගින්නේ නොසිටින සමාජයක් හදන්න වැඩකරන්න.

කිසිම මිනිහෙක් බෙහෙත් නැතුව මරණයට පත් විය යුතු නැහැ. එහෙම රටක් වෙනුවෙන් වැඩකරන්න.

සියලු ජාතිකත්වයන්ට සියලු ආගමිකයන්ට සියලු ලිංගිකත්වයන්ට ගරු කරන්න. හැම සංස්කෘතියම ලස්සනයි. 

සොබාදහමට ආදරය කරන්න. මිනිස් ලෝකය පරෙස්සම් කරගන්න. 

ඔබ මොන කඳවුරේ කොතන හිටියත් හෘදය සාක්ෂිය වැටෙන්න දෙන්න එපා. 

අලුත් වෙන්න. අවුරුද්ද සුබ කරන්න.!!

– තාරක 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...