අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :

දෙසැම්බර් 31ට පෙර , විනාශ කරන අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර ලෙස නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, අධිකරණ මගින් විනාශ කරනු ලබන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් නිකුත් කර ඇති අතර, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක JSC/SEC/ClR/2023 දරණ 2023 මාර්තු 03 දිනැති චක්‍රලේඛයට අතිරේක වශයෙන් මෙම සංශෝධනය සිදුකර තිබේ.

මෙහිදී, සෑම අධිකරණයක්ම යම් වර්ෂයක් තුළ අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස් කළ යුතු බව සඳහන් වන අතර, එම වාර්තාව “ඇමුණුම – ආ” හි සඳහන් ආකෘතියට අනුව සකස් කර, සෑම වර්ෂයක් අවසානයේදී දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම නියෝගය අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි අණ පරිදි ක්‍රියාත්මක වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...