වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

Date:

අද දිනයේ (15) දී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...