ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට සූදානම් – ෂෙහාන් ඇමරිකාවේ සිට කියයි

Date:

ඇමරිකාවේ වොෂිංටන් නුවරදී අද (15) සිට ආරම්භ වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද ස්ප්‍රිං සමුළුවේදී” ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිරත වීමට සූදානමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි බව තමන් ඇතුළු වත්මන් රජයේ විශ්වාසය බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

“වසර 2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසක්.

වර්ථමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටළු වලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජා වල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරමු”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...