*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වික්ටෝරියාවේ ගීලොන්ග් මේස පන්දු තරගාවලියේ දී අදීපට සූරතාවක්,සනායා ට අනු සූරතා දෙකක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 15, කොළඹ (LNW): ඕස්ට්‍රේලියාවේ ප්‍රබල මේස පන්දු තරගාවලියක් වන ගීලෝන්ග් මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන මේස පන්දු තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය දිනා ගන්න ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන අදීප කීර්තිරත්නට හැකි වුණා. වික්ටෝරියානු රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවත්වෙන මෙම තරගාවලියේ අවුරුදු 19 න් පහළ මෙන්ම අවුරුදු 21 න් පහළ කාන්තා තරග අංශයේ අනුසූරිය බවට පත් වුණෙත් ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩිකාවක්.ඇය ඔස්ට්‍රේලියානු ටේබල් ටෙනිස් පිටියේ මේ වන විටත් ජනප්‍රිය ක්‍රීඩිකාවක් ලෙස විවිධ තරගාවලිවලදි කැපී පෙණෙන දක්ෂතා දක්වා තිබෙන හසලි සනායා බුද්ධදාස යි.හසලි මේ තරගාවලියේ කාන්තා විවෘත අංශයේ ප්‍රධාන තරගාවලියට ද සුදුසුකම් ලැබ තරග කළා.

අදීප අවසාන තරගයේදී ප්‍රබල සටනකින් පසුව ෆැන් ලෝරන්ස් පරාජය කරමින් මේ සූරතාවය අත් කර ගත්තා.අවුරුදු 13 න් පහළ සූරතාවය දිනා ගෙන සිටි ෆෑන් අවුරුදු 15 න් පහළ තරගාවලියේ දී ද කැපී පෙණෙන දස්කම් දක්වමින් අවසාන තරගයට පැමිණියත් ඔහුට අදීප අභිබවා යන්නට නොහැකි වුණා.අවුරුදු 15 න් පහළ අවසාන තරගයේ දී ද ෆෑන් මුල් තරග වට දෙකම 11 – 8 බැඟින් ජය ගෙන ඉදරියට පැමිණියත් තෙවන සිව්වන සහ පස්වන වට ලකුණු 11 – 9,11-7 සහ 11-7 ක් ලෙස ජය ගන්නට අදීපට හැකි වුණා.
අදීප මෙම වයස් කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ තරගවලදී සිව්වන කාණ්ඩයෙන් තරග වැද එහි දී මුහුණ දුන් තරග තුනම ජයගෙන ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.අදීප අවුරුදු 17 න් පහළ තරගාවලියේ දී ද සුදුසුකම් ලැබීමේ වටයේ දී අටවන කාණ්ඩයෙන් තරග වැද මුහුණ දුන් තරග තුනම ජයගෙන අවසාන තරගයට පිවිසියත්,ඔහුට ප්‍රධාන තරග සටහනේ ඉදිරියට යාමට නොහැකි වුණා.


ගීලෝන්ග් තරගාවලියට ඔස්ට්‍රේලියාවේ සියලු පළාත්වලින් තරගකරුවන් තරගකාරියන් සහභාගි වන අතර අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 21 න් පහළ දක්වා වයස් කාණ්ඩ මට්ටමෙන් ද,විවෘත කාන්තා සහ පිරිමි සූරතා සඳහා ද තරග පැවත්වෙනවා.මේ තරගාවලියේ දී අදීප තරග වැදුණු වයස් කාණ්ඩයේම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි නාවික් රත්නසිංහ ද ශ්‍රී ලංකාවට නෑ කම් කියන ක්‍රීඩකයෙක්.ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වුනේ අවසාන තරගයේ දී අදීප අතින් පරාජයට පත් වූ ෆැන් ලෝරන්ස්ට යි.
මේ සමඟ දක්වෙන්නේ අදීප සිය අවුරුදු 15 න් පහළ අවසාන තරගයට ක්‍රීඩා කළ දර්ශන පෙළයි.
https://web.facebook.com/TableTennisAus/videos/415407167861592

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan