*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ඔලිමිපික් වාර්තාව සතු පියාගේ පුතා ලෝක වාර්තාව තබයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 15, කොළඹ (LNW): වර්ජිලිජස් ඇලෙක්නා කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් දෙකකට සහ ලෝකඩ පදක්කමකට උරුම කම් කියයි.වර්ජිලිජස් කවපෙත්ත ඉසව්වේ කුසලතා දක්වද්දී වර්ජලිජස්ට වයස 16 ක් ව තිබියදී පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් බිදීම සිහිනයක්ව තිබිණ.නැගෙනහිර ජර්මණිය නියෝජනය කළ ජුර්ගන් ශූල්ට් මෙම වාර්තාව තබා තිබුණේ 1986 ජූනි 6 වන දා ය.දුර මීටර් 74.08 ක් විය.
වර්ජලීජස් 2000 දී පළමු වරට කව පෙත්ත ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.2004 වර්ෂයේ ඔහුට රන් පදක්කම මෙන්ම ඔලිමිපික් තරග වාර්තාවද හිමි කර ගන්නේ ඔලිම්පික් උළෙලෙන් පසුවය.එහිදී ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනා ගත්තේ හංගේරියාවේ රොබට් ෆසේකාස් ය.එහෙත් පසුව ඔහුගේ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජනක තිබුණු බවට ඔප්පු වීමෙන් ඔහුට හිමිව තිබූ රන් පදක්කම මෙන්ම ඔලිමිපික් වාර්තාව ද වර්ජලීජස් ට හිමි වන්නේ ඔහු විසින් ලිතුවේනියාවට දිනා දුන් දෙවන රන් පදක්කමේ ගෞරවය ද සමඟය.අදටත් පවතින ඔලිමිපික් වාර්තාව වන මීටර් 69.89 ක දක්ෂතාවය ද සමඟින් වර්ජලීජස් ට එම වාර්තාව හිමි විය.


වර්ජලීජස් 2008 දී ලෝකඩ පදක්කමේ නැවතෙන අතර 2012 දී ඔහුගේ නම පදක්කම් සටහනෙන් බැහැරව තිබුණේ සිව්වන තැනය.වර්ජලීජස් 2000 දී ඔහුට වයස අවුරුදු 28 සිට ඔලිමිපික් ක්‍රීඩා උළෙල හතරකදී ම එවකට සිටි ක්‍රීඩකයන් සමඟ කව පෙත්ත වීසි කරේ ජාත්‍යන්තරය ජය ගත්තේ ශූල්ට් ගේ වාර්තාව අභිබවා යාමේ සිහිනය ද සිතේ තබා ගෙන වුව ද,එය ඉුටු නොවිණි.


එහෙත් වයස 19 දී ජගත් තලයට සිය පියාගේ ඉසව්ව හරහා පැමිණෙන මයිකොලස් ඇලෙක්නා පැමිණි 2022 වසරේ ම ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම ගෙල ලා ගන්නට සමත් විය.2023 දී ඔහු එම තරගාවලියේ ලෝකඩ පදක්කමට උරුමකම් කීවේය.
එහෙත් 2024 අප්‍රේල් 14 දා ඔක්ලෝහමා හී පැවති වීසි කිරීමේ සූරතාවලියේ දී මයිකොලස් සිය පියාට නොහැකි වූ ලෝක වාර්තාව ඔහුගේ නමට ලියා ගත්තේ මීටර් 74.35 ක දක්ෂතාවයක් සමඟින්ය.සිය පියා ශුල්ට් ගේ වාර්තාව හඹා යාමේදී 2000 වසරේදී ලිතුවේනියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 73.88 ක් දක්ෂතාවයක් දැක් වුව ද,ඔහුට ශුල්ට් ට ළඟා වීම දුෂ්කර විය.නොහැකි විය.ඒ නිසා ඔහුට සිය පුතා ලෝක වාර්තාව දිනා ගන්නා තෙක්ම ඇලෙක්නා නාමය තබන්නට හැකි වුණේ ශුල්ට් ට පසුපසින්ය.එහෙත් දැන් ශුල්ට් ට ඉදිරියෙන් මෙන්ම පසුපසින් ද ඇති නම් ඇලේක්නා ලෙස සඳහන්ය. ඒ ඔහුගේ පුතා ඒ අභියෝගය ජය ගත් බැවින්ය.

ඡායාරූපයේ සිටින්නේ වර්ජිලිජස් ඇලෙක්නා මයිකොලස් සහ මාටිනස් පුතුන් දෙදෙනා සමඟය.මාටිනස් මිකොල්ස්ගේ අයියා වන අතර ඔහු ද කවපෙත්ත විසි කිරීමේ සූරයෙකි.


ඔහුට තවමත් වයස 21 ක් පමණක් බැවින් තව බොහෝ දුර යාමට ද ඉඩ ඇත.ලෝකයේ මලල ක්‍රීඩා ඉසව් සළකා බලද්දී කවපෙත්ත කාන්තා ඉසව්වේ ඇති වාර්තාව මීටර් 76.80 කි.එය ද පිහිටුවා ඇත්තේ ජර්මනිය නියෝජනය කරමින් ගෙබ්‍රියල් රින්ශ්ච් ය.එයද 1988 වසරේ දී ය.එහෙත් කාන්තාවක් මෑත කාලයේ මීටර් 70 සීමාවට පැමිණ ඇත්තේ 2021 දී වන අතර එහිදී නෙදර්ලලන්තය නියෝජනය කරන ජොරින්ඩේ වැන් ක්ලින්කෙන් දක්වා ඇති දක්ෂතාවය මීටර් 70.22 කි.ලෝකයේ වාර්තා සළකා බලද්දී කාන්තා ඉසව්වක වාර්තාව පිරිමි ඉසව්වක වාර්තාවට වඩා ඉදිරියෙන් දැකිය හැක්කේ කවපෙත්ත ඉසව්වේ දි පමණක් වන අතර සමහර විට ඒ ඉතිහාසය ද තවමත් 21 වන වියේ පසුවන මයිකොලාස් ඇලෙක්නා වෙනස් කිරිමට ද ඉඩ ඇත.

ඔලිමිපික් වාර්තාව සතු තාත්තා සහ ලෝක වාර්තාව සතු පුතා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan