ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්!

0
440
Secretary-General António Guterres (at podium) briefs reporters on recent developments in Israel and the Occupied Palestinian Territory. “Only a negotiated peace that fulfills the legitimate national aspirations of Palestinians and Israelis, together with their security alike – the long-held vision of a two-State solution, in line with United Nations resolutions, international law and previous agreements – can bring long-term stability to the people of this land and the wider Middle East region,” said the Secretary-General.

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සෙනසුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.

කෙසේ වෙතත් මෙම මිසයිල ප්‍රහාරය ඉරානයට ද්විත්ව පරාජයක් ගෙන දුන් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසන අතර, එම ප්‍රහාරයට ඊශ්‍රායලය බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු පවසයි.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර, එය ඒවා සාර්ථක ලෙස ව්‍යාර්ත කෙරිණ.