2024.04.15 හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් උත්සවය ඓතිහාසික නාථ දේවාලයේදී

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය සියම් මහානිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී සිදුවිය.
පෙරවරු 10.17ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිශාව බලා හිස තෙල් ගැල්වීම සිදු විය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හිස තෙල් ගැල්වීම සිදුවිය.


හිස තෙල් ගැල්වීමේ මහෝත්සවය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර එම නැකතට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කණ්ඩුල සහ මිගාර ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ද එහිදී සිදුවිය.
මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබුණු මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...