*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

භේද නැතුව ජනතාව පාරට බැහැලා ඉද්දීත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ පක්ෂවලට එකතුවෙන්න බැරි ඇයි ?

මගේ වයස අවුරුදු 37යි. මට අවුරුදු තුන හමාරක දුවෙක් ඉන්නවා. එතනින් පටන් ගන්නම් …

මිනිස්සු මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් විරුද්ධව පාරට බහින්න ලොකුටම පටන් ගත්තෙ මාර්තු 30. මාර්තු 31 මිරිහානෙ ගෙදර වටළලා ලොකු උද්ඝෝෂණයක් ගියා. ඒකෙම ඊළඟ පියවර හැටියට අප්‍රේල් 03 රටේම මිනිස්සු පාරට බහින්න නියමිතව තියෙද්දී ආණ්ඩුව ඇඳිරි නීතිය දැම්මා. මිනිස්සු ඒකත් ගණං ගන්නෙ නැතුව පාරට ආවා. අප්‍රේල් 03 රෑ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා අගමැති මහින්ද හැර. ඊටපස්සෙ ආයෙත් අප්‍රේල් 04 වෙනිදා මුදල් ඇමති ඇතුළු ඇමතිවරු 04 දෙනෙක් දිවුරුම් දුන්නා.

ඊළඟට අප්‍රේල් 05 ඉඳලා දවස් 4ක් පාර්ලිමේන්තුව රැස්වුණා, කරපු බිබික්කමක් නෑ. මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඒ 225 දෙනා හොඳට කාලාබීලා එතන බයිලා කෙළ කෙළ හිටියා ඒ දවස් 4ම.

ඊළඟට මිනිස්සු ගෝල්ෆේස් පිටියේ අරගලයට ලෑස්ති වුණා අප්‍රේල් 09. ආණ්ඩුව අවුරුදු සතියම රජයේ නිවාඩු දුන්නා ඒ වැඩේ අල කරන්න. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. මේ වෙනකොටත් ගෝල්ෆේස් පිටියේ ජනතාව රැස්වෙලා අඛණ්ඩව විරෝධතා පළ කරමින් ඉන්නවා රෑ දවල් දෙකේම.

ඔය අතරේ අලුත් මුදල් ඇමති ඇතුළු නිලධාරීන් විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බව නිවේදනය කළා ඒකපාර්ශ්විකව. මේකෙන් ඊළඟට සිද්ධ වෙන්න නියමිත දේ ආණ්ඩුවේ අය කොහොමත් කියන්නෙ නෑ, විපක්ෂයේ අයත් සද්ද නෑ. මොකද දෙගොල්ලොම බලන් ඉන්නෙ මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ පීඩනය කැරකෙන අත අනුව තම තමන්ගේ බලය තහවුරු කරගන්න.

රටකට ණය අරගෙන අරගෙන අරගෙන අන්තිමේ ඒකපාර්ශ්විකව “අපි ගෙවන්නෑ” කියලා පාඩුවේ ඉන්න පුළුවන් නම්, ඒක මහා සීරියස් කේස් එකක් නෙවෙයි නම් ලෝකේ ඔය ණය ක්‍රම මෙතෙක් කල් පවත්වාගෙන යන්නෙ හම්බෙන්නෙ නෑ. මේකෙ අන්තිම දරුණු ප්‍රතිවිපාකවලට රටක් හැටියටම අපට මුහුණ දෙන්න වෙනවා, ආයෙ දෙකක් නෑ. මෙතෙක් එහෙන් මෙහෙන් ණය වෙවී රෝල් වෙවී ගිය ආර්ථික අර්බුදය ඊළඟ සති කිහිපයක් තුළ සුනාමියක් වගේ අපේ ඔළුගෙඩි උඩට කඩාගෙන වැටේවි.

එහෙම තත්වයක් තියෙද්දී අපි වෙනුවෙන් අපි පත්කර ගත්තු පාර්ලිමේන්තුවේ 225 දෙනා මොකද කරන්නෙ ? එයාලා මේ කිසි ගාණක් නැතුව එක්කො අවුරුදු කනවා, එහෙම නැත්නම් තම තමන්ගේ පුද්ගලික බල දේශපාලන ව්‍යාපෘතිවල ඉත්තො හැටියට අපිව පාවිච්චි කරන්න සැලසුම් සකස් කර කර ඉන්නවා. අපේ බෙල්ල මුලටම හිරවෙනකල්, අපට හුස්ම ගන්න බැරිවෙනකල් බලාගෙන ඉඳලා දරාගන්න බැරි තැන අපි දඟළද්දී බලය ඩැහැගන්න උකුස්සෝ වගේ බලාන ඉන්නවා … එච්චරයි.

ඔය 225 ම මහජන මුදලින් වැටුප් ගන්නවා, ඉන්ධන දීමනා ගන්නවා, කාර්ය මණ්ඩල දීමනා ගන්නවා, පැමිණීමේ දීමනා ගන්නවා, දුරකථන දීමනා ගන්නවා, තැපැල් දීමනා ගන්නවා, කෑම බීම ටිකත් දෙකයි පනහට පාර්ලිමේන්තු කැන්ටිමෙන් ගන්නවා. එහෙම ගන්නැති කෙනෙක් නෑ, 225ම ගන්නවා. අරගෙන ඒක මොන අරමුදලට දානවාද, විස්කිරිඤ්ඤා බෙදනවාද කියන එක වෙන කතාවක්නෙ. ඒ වියදම මහජනතාව දරණවා.

එතකොට මහා ආර්ථික ව්‍යසනයක් සුනාමියක් වගේ ඒ මහජනතාව වෙන අපේ ඔළුගෙඩි උඩට කඩාවැටෙන්න නියමිතව තියෙද්දී ඔය 225ට පාර්ලිමේන්තුව අස්සට වෙලා බයිලා කිය කියා කාලය නාස්ති කරන්න ඉඩදෙන්න බෑ.

අපි හැමෝගෙම ජීවිත ලොකු අනතුරක් ඉස්සරහා තියෙන්නෙ. ඉස්පිරිතාලවල බෙහෙත් නැතිවෙද්දී, කඩවල්වල අත්‍යාවශ්‍ය ආහාරත් නැතිවෙද්දී, මෙතෙක් කරපු රස්සාත් අඩමාන වුණාම මේ දැන් ගෙවෙන මොහොත සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා තියේවි. අපි දන්නා ඉතිහාසය අවසන් වෙමින් තියෙන්නෙ. අපේ දරුවො, අපි, අපේ යාළු හිත මිත්‍රයො, අපි දන්න හඳුනන අය, අපි නොදන්න අය ඇතුළු මිලියන 22ක මේ රටේ මිනිස්සුන්ගෙ ඉරණම මහා අගාධයකට තල්ලු වෙමින් තියෙන්නෙ.

ආණ්ඩුව ගැන නම් කතා කරන්න දෙයක් නෑනෙ. ඒ වගේම මෙහෙම මොහොතක ගෙඩිය පිටින් බලය ඩැහැගන්න කියලා අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න විපක්ෂයට ඉඩ දෙන්නත් බෑ. ඒගොල්ලොත් ගේම් ගහන්නෙ නැතුව මොකාක් නමුත් එකඟතාවකට එන්න වෙනවා මේ මිනිස්සුන්ගෙ ජීවිත බේරාගැනීම වෙනුවෙන්. ඒක මම කැමති පක්ෂයට සම්පූර්ණ බලය ලැබෙනකල් හෝ ඔබ කැමති පක්ෂයට සම්පූර්ණ බලය ලබෙනකල් හෝ කියලා මේ සෙල්ලම කරගෙන යන්න දුන්නොත් අපි කවුරුත් ඉතුරු නොවෙන්න පුළුවන් සෙල්ලම ඉවර වෙද්දී. කාටත් බලය අල්ලාගන්න රටක් ඉතුරු නොවෙන්නත් පුළුවන් අන්තිමේ. අනික එහෙම එක පක්ෂයක් මොකක් හෝ ක්‍රමයකින් බලය ගත්තාම කියමුකෝ … අනිත් පක්ෂ ටික “එහෙනම් ඔයාලා කරගෙන යන්න, අපි ටික කාලයක් පැත්තකට වෙලා ඉන්නම්” කියලා නිකම් ඉඳියිද ? නෑනෙ … කවුරු තනියෙන් ගත්තත් ඉතුරු අය එයාලාට මේක කරන්න දෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත. එතකොට එකම විසඳුම ඔක්කොම එකතුවෙලා පාලන යාන්ත්‍රණයක් හදාගෙන ඒකෙ වගකීම් බෙදාගන්න එක විතරයි. ඒක විතරමයි … !!

ඒක නිසා මහත්වරුනි, අපේ ජීවිත ඔට්ටුවට තියලා සෙල්ලම් කරන එක නවත්තලා ඔය විපක්ෂයේ අයත් ඔය පාර්ලිමේන්තුව ඇතුළෙම මොකක් හරි එකඟතාවකට එන්න. ඒක මේ රටේ දරුවෝ, රටේ වැඩිමහල් උදවිය, රටේ රෝගීන් මැරෙනකල් බලන් ඉඳලා පටන් ගන්නෙ නැතුව දැන්ම පටන් ගන්න. පක්ෂවල හිරවෙලා ඉන්න කට්ටියත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තම තමන්ගෙ පක්ෂවලට බලය අරන් දෙන්න ජීවිත කොච්චර ගාණක් ඔට්ටුවට තියන්න තම තමන්ගෙ හෘදසාක්ෂිය ඉඩ දෙනවාද කියලා …

මොකද මේ අර්බුදයේ බිල ගෙවන්නේ ඔය 225 නෙවෙයි සාමාන්‍ය මිනිස්සු වෙන අපි. අපිට ඒක ගෙවන්න වෙන්නෙ අපේ ජීවිතවලින්. අපේ දරුවන්ගෙ ජීවිතවලින්. අපේ වැඩිහිටියන්ගෙ ජීවිතවලින්. අපිට ඒක කොහොමත් ගෙවන්න වෙනවා, ඒක තමයි ඇත්ත. අපි ඒකත් ගෙවද්දී ඔය 225ට බැරි නම් අඩුම ගාණෙ තමන්ගෙ බල වුවමනාවල් එක අවුරුද්දකට කල් දාලා තමන්ට ඡන්දෙ දෙන මිනිස්සු වෙනුවෙන් පොදු වැඩපිළිවෙලකට එන්න, මොන වගේ ජාතියක්ද එයාලා ? එයාලාගෙ බල තණ්හාව වෙනුවෙන් අපි අපේ ජීවිත බිල්ලට තියනවා නම් මොන වගේ ජාතියක්ද අපි ??

එහෙනම් ආයෙත් මුලට එන්නම්. මගේ වයස අවුරුදු 37 යි, මට අවුරුදු තුන හමාරක දුවෙක් ඉන්නවා. මට යන්න වෙන රටක් නෑ, මගෙ දුවට හැදෙන්න වැඩෙන්න වෙන රටක් නෑ. මගේ වයසක අම්මා තාත්තා වගේම මගේ හිතවතුන් වගේම මං දන්න නොදන්න මිලියන 22ක මගේ රටේ ජනතාව වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ අපට මේ විපක්ෂයටත් බලකරන්න සිද්ධ වෙනවා මොකක් නමුත් එකඟතාවකට එන්න කියලා.

අපට තියෙන ප්‍රශ්න එයාලාට නැති නිසාම එයාලාට ඕනෙ තරම් කාලය තියෙනවා ඇති චූන් එකේ ඉන්න. නමුත් අපට එහෙම නෑ. අනික අපිව ඔට්ටුවට තියලා දේශපාලන බූරු සෙල්ලම් කරනවාට අපි කැමතිත් නෑ.

ඉතින් 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වෙනකොටවත් අඩුම ගාණෙ ඔයාලාගෙ එකඟතාව හදාගෙන තියාගන්න. අපට නාස්ති කරන්න කාලයක් නෑ … දැනටමත් දවස් 16ක් නිකම්ම ගතවෙලා ඉවරයි.

  • රුවන් නෙලූ
May be an image of 1 person and text

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan