හිටපු බූස්ස බන්ධනාගාර අධිකාරී ඝාතනය : වෙඩික්කරු රටින් පනින්න යද්දී අල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් සැලකෙන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 15) අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවත් ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලීසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙක් බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම සැකකරු ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර යනුවෙන් ව්‍යාජ නමක් භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන රටින් පැනයාමට තැත්කර ඇති අතර ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොලේ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ආධාරයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...