අවුරුදු දවසේත් වෙඩිතැබීමක්. අයෙක් මරුට !

0
280

ඊයේ (14) පස්වරුවේ අහුංගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ තවත් යතුරුපැදිකරුවකුට මෙසේ වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී ඔහුත් සමග දරුවන් දෙදෙනෙකු ද යතුරුපැදියේ ගමන් කර ඇති අතර යතුරුපැදිය පෙරළීයාමෙන් එම දරුවන් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

RN