පුංචි ඡන්දයට ආයෙත් දිනයක් කියනවාද ? – මැ.කො. සභාපතිගෙන් පිළිතුරු

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ප්‍රතිපාදන ලැබෙන තුරු නැවත දිනයක් ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

“දේශපාලන පක්ෂත් එක්ක කතා කළා, සිවිල් සංවිධානත් එක්ක කතා කරලා තියෙන්නෙ. නිරීක්ෂණ සංවිධාන එක්ක කතා කළා. රාජ්‍ය පාර්ශ්වත් එක්ක කතා කළා. තව කවුරු එක්කද අපට කතා කරන්න තියෙන්නෙ ? ඒ අයත් එක්ක කතා කරලා, ඒ අයත් එකඟයි. ඒ අයත් කියනවා මේක ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා. නමුත් ප්‍රධාන වශයෙන් අනිත් සම්පත් හිරවෙලා තියෙනවා. ඒ ගැනත් අපි කතා කරලා තියෙන්නෙ. මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා තියෙනවා, රජයේ මුද්‍රණාලයත් එක්ක කතා කරලා තියෙනවා … තවත් කවුද ඉන්නෙ අපට කතා කරන්න ?”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලා අලුත් අවුරුද්දේ මොකද කරන්නෙ ? ආයෙත් දිනයක් ප්‍රකාශයට පත් කරනවාද ?

“දැන් මේක දිනයක් ප්‍රකාශයට පත්කරලා, ආයෙත් කල්දාලා, ආයෙත් දිනයක් කියලා, ආයෙත් කල්දාලා … එතකොට ඕක නිකම් විහිළුවක් වෙනවා. දිනය ප්‍රකාශයට පත්කරන්නෙ අපේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්. එතකොට ඒ අයටත් හොඳ නෑ. ඒක නිසා තමයි අපි අගමැතිතුමාගෙන් ඉල්ලුවේ අඩු වශයෙන් මේකෙ මුදල් අපට ලබාදෙන්න යම් කාල වකවානුවක්වත් කැබිනට් එකේ මැදිහත්වෙලා අපට ලබාදෙන්න කියලා. එහෙම ලබාදෙනවා නම් ඒ දිනයත් එක්ක අපට මැතිවරණය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට අධිකරණයේ නඩු කිහිපයක් පවතිනවා මේ සම්බන්ධයෙන්. අධිකරණය විසින් ඒ නඩු අනුව තීන්දුවක් දීලා ඒ අනුව දිනයක් නියම කරන්න ලැබුණොත් ඒ දිනයට ඡන්දය පවත්වන්න කටයුතු කරනවා”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...