යුද්ධ සඳහා බිලියන ගණනක් වියදම් කරන ‘කෲර පාලකයන්’ පාප් වහන්සේ හෙලා දකියි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ඉතිහාසයේ පළමු පාප් වහන්සේ වන XIV වන ලියෝ පාප් වහන්සේ යුද්ධ සඳහා බිලියන ගණනක් වියදම් කරන ‘කෲර පාලකයන්’ අතලොස්සක් විසින් ලෝකය විනාශ කරන බවට විවේචනය කර තිබේ.

ලෝකයේ කතෝලිකයන්ගෙන් මිලියන 288ක් පමණ ජිවත්වන අප්‍රිකාවේ රටවල් හතරක් පුරා සිදුවන XIV වන ලියෝ පාප් වහන්සේගේ පළමු සංචාරය අතරතුර කැමරූන්හිදී මේබව ප්‍රකාශ කළ පාප් වහන්සේ මෙහිදී දෙවියන් වහන්සේගේ නාමයම තමන්ගේම ලාභය සඳහා හසුරුවන අය හෙලා දකිනු ලැබිය.

ඉරානයේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුමේ වාචික විවේචකයෙකු වන පාප් වහන්සේට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය සිදු වී ඇත.

යුද්ධය අවසන් කර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා වන එක්සත් ජනපද ඉල්ලීම්වලට ඉරානය එකඟ නොවන්නේ නම් “සමස්ත ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇති” බවට ට්‍රම්ප්ගේ තර්ජනය පිළිබඳව පාප් වහන්සේ සිය කනස්සල්ල පළ කළ අතර පාප්වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, මිනීමැරුම් සහ විනාශයන් සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වන නමුත් සුව කිරීම් සඳහා ජිවිත කාලයක් ගතවිය හැකි බවයි.