චීන නියෝජ්‍ය මුදල් ඇමතිගෙන් සහතිකයක්

ශ්‍රි ලංකාවට ණය තිරසරභාවය ඇතිකර ගැනීමට සහ ආර්ථිකය නංවාලීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයන් සඳහා චීනයේ සහයෝගය ලබා දෙන බවට චීනයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැංග් ඩොංවෙයි මහතා සහතික වී තිබේ.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමග ඇමරිකාවේ වොෂිංටන් නුවරදී පැවති සාකච්ඡාවකදී ය.

අන්‍යෝන්‍ය වශයෙන් දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

RN