විශේෂ ප්‍රවාහන සේවා අදත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16, කොළඹ (LNW):සිංහල දමිළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව දීර්ඝ නිවාඩුවකින් පසු නැවත කොළඹට පැමිණෙමින් සිටින අතර , අදත් (16) ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව සඳහන් වේ.

හෙට (17) දක්වා අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටී.

පෞද්ගලික බස් රථ 25% ක් පමණ ඊයේ (15) ධාවනයට එක් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළ අතර , අද ඊට වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය. 

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අතිරේක දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

බදුල්ල, බෙලිඅත්ත සහ ගාල්ල සිට එම දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අතර , අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගෙන කොළඹ සිට බදුල්ල සහ ගාල්ල දක්වාත්, අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...