*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

රොජාස් ට ඔලිමිපික් අහිමි වේ

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 16, කොළඹ (LNW):

ක්‍රීඩා ලෝකය උණුසුම් වෙමින් පවතියි.එහි වාර්තා අලුත් වීමේ තත්ත්වයද වේගවත් වෙමින් ඇත.වාර්තා නොවුණත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ උපරිම දක්ෂතාවය දියුණු කර ගනිමින් අලුත් කර ගනිමින් ඇත.මේ උනන්දුවේ බෝවීමේ ලක්ෂණයක් හැටියට මයිකොලාස් අලෙක්නා වසර 38 ක් පැරණි කවපෙත්ත වීසි කිරීමේ ලෝක වාර්තාව අලුත් කර ඇත.එසේම චීනයේ 15 හැවිරිදි ක්‍රීඩිකාවක වන යාන් ෂීයී (Yan Ziyi) හෙල්ල වීසි කිරීමේ අවුරුදු 20 න් පහළ ලෝක වාර්තාව අලුත් කර ඇත.


එහෙත් යාන්ට වයස 18 ක් නොවීම නිසා ඔලිම්පික් මඟ හැරෙනු ඇත.එහෙක් චීනය මේ ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ මේ ගැන සාකච්ඡා කරන්නට ඉඩ ඇත.මන්ද ඔවුන්ට එක රන් පදක්කමකින් හෝ ලෝකය ජය ගන්නට තියෙන ඉඩ වැරදෙන්නට හැකි නිසා,එහිදී එක ජයග්‍රහණයක්වත් අපතේ යන්නට නොදෙන්නට චීනය උත්සාහ කරනු ඇත.ක්‍රීඩාව බලගතු රටකට සිය බලය පෙන්වීම සඳහා යොදාගත හැකි හොඳම මාර්ගයක් බව දියුණු රටවල් විශ්වාස කරන්නේය.වඩාත් ජයග්‍රාහී ලෝකයට අභියෝගයක් කළ හැකි ශක්තිවන්තයන්,ජවාධිකයින්,නැණවතුන් වූ මානව සම්පත ඉන්නේ කුමන රටේද යන්න පෙන්වීම ඔලිමිපික් ජයග්‍රහණවලින් ප්‍රකාශ වන්නේය.


මෙවැනි වාතාවරණයක ලෝකයම විශ්වාස කරන ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන අයෙකුට ඔලිම්පික් ස්ථීර වශයෙන්ම හිමි නොවන බව දැනගත් විට එම ක්‍රීඩකයාට මෙන්ම එම රටට ද කුමන හැඟීමක් ඇති වනු ඇද්ද?
මේ අවාසනාවන්ත හැඟීමේ පීඩාවෙන් බැට කමින් සිටින යුලිමාර් රොජාස් බොහෝ දෙනාගේ විශ්වාසවන්ත ජයග්‍රාහී තුන් පිම්මේ සූරිය ය.ඇය 2021 ටෝකියෝ ඔලිමිපික් උළෙලේ දී මීටර් 15.67 ක පිම්මක් පැන ලෝක වාර්තාව මෙන්ම ඔලිමිපික් වාර්තාවද සිය නමට පවරා ගත්තාය.එතැනින් නොනැවතුණු රොජාස් යළි මීටර් 15.74 ක පිම්මකින් සිව නම ඉදිරියේ නව ලෝක වාර්තාවක් ලියා ගත්තාය.


ඇය මෙවර ප්‍රංශ ඔලිම්පික් ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු පළ කළාය.රන් පදක්කම නොව ඇයගේ හොඳම දක්ෂතාවය යනු ලෝක වාර්තාව වන අතර එවැනි පිම්මකින් ඉඟිළ යන්නට සිහින දැක්කාය.එහෙත් මේ වන විට රොජාස් සිටින්නේ ගිලන් ඇඳකය.පැරිස් පියැඹීම සඳහා අවශ්‍යය වන හැකියාව වර්ධනය කර ගන්නට පුහුණු වෙන අතර තුර රොජාස් ගේ වම් පාදය ආබාධයකට ගක් වී ඇත.මේ තත්ත්වය ඔලිම්පික් උළෙල වන විට යථා තත්ත්වයට පත් නොවන බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.ශල්‍ය කර්මයකින් පසුව සුවය ලැබ පුහුණු වී යථා තත්ත්වයට ඒමට ගත වන කාලය අතරේ ඔලිම්පික් නිමා වනු ඇත.
2017, 2019, 2022 සහ 2023 ලෝක සුරතා රන් පදක්කම තුන් පිම්ම වෙනුවෙන් සිව් වතාවක් දිනා ඇති රොජාස් සිය ආබාධයට ලක් වූ අවස්ථාවේ ඇති වූ වේදනාව ගැන සඳහන් කර ඇත.එසේම ඇය ඔලිමිපික් සහභාගීත්වය අහිමිවීම ගැන දැඩි දුකෙන් සහ වේදනාවෙන් සිටින බව ද කියා ඇත.පයට දැනෙන වේදනාවට වඩා හිතට දැනෙන වේදනාව සුවපත් කිරීම අපහසුය.ඇය බොහෝ විට කඳුළු අතරින් ඔලිම්පික් තුන් පිම්ම ඉසව්ව ක්‍රියාත්මක වෙන අයුරු බලා සිටින ඡායාරූප ඉදිරි දවසක ලැබෙන්නට බඩ ඇත.එතෙක් මේ අහසට වීසි වන පිමි සහිත ලෝක මලල ක්‍රීඩා ප්‍රජාවගේ ආදරයට සහ ගෞරවයට පත යුලිමාර් රොජාස් ගිලන් ඇද මක වැතිර සිටින අයුරුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan