තන්හා පොදි ගසා ගයා ඉෂාක් ආණ්ඩුවට මතක් කිරීමක් කරයි

ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණි ගායන ශිල්පී ඉෂාක් බෙග් කලක පටන් මෙවැනි දෙයක් සිඳුවනු ඇතැයි තමා විශ්වාසයෙන් සිටිය බව පවසමින් ආණ්ඩුවේ බලලෝභි ප්‍රතිපත්තිය හෙළා දකිමින් මිනිසිමයි වෙ දෙවියන් වන්නේ ගීතයේ එන තන්හා පොදි ගසා තව කෙනෙකුන් නසා යන පද කිහිපය ද තාලයට ගායනා කර පෙන්විය.

මෙම ගීතය ඇතුළත් වන්නේ සිරි පතුල චිත්‍රපටයේය.එය ගායනා කරන්නේ මුස්ලිම් ජාතික මොහිදින් බෙග් වන අතර කරුණාරත්න අබේසේකරගේ පද රචනයට සංගීතය නිර්මාණය කළේ ද්‍රවිඩ ජාතික කේ රොක්සාමි ය.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරණු ලැබුවේද කේ වෙන්කට් නම් ද්‍රවිඩ අධ්‍යක්ෂවරයා ය.ශ්‍රී ලංකාව හා සබැඳි කරුණාන්විත සංස්කෘතිය ජාතිවාදී දේශපාලන වියරුව සමඟ විනාශ මුඛයට යන බව පෙන්වීමට හොඳම උදාහරණයක් වන්නේ කේ.වෙන්කට් 83 ජූලි කළබලවදී පානදුරේදී සිංහල ජාතිවාදී විසින් ගිණිතබා සය වාහනයත් සමඟම ඝාතනය කිරීමය.

වෙන්කට් සිරිපතුල ගැනත් මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ගීතය ගැනත් පවසමින් සිය අනන්‍යතාවය හෙළි කළ ද,අසංස්කෘතික ජාතිවාදීන් විසින් මේ සංස්කෘතික මිනිසා පාරේම අළු ගොඩක් බවට පත් කළේය.අද ගෝඨාගෝගම විරෝධයේ එක් සටන් පාඨයක් වි ඇත්තේ මේ දේශපාලනය විසින් මතු කරන ලද කුරිරු ජාතිවාදි ආගම්වාදි දේශපාලන වියරුව පරාජයට පත් කිරීමය.ඒ කුරිරු බවෙන් තොර සුන්දරත්වයේ පහස විඳින පොළවක් බවට පත් වි තිබෙන ගෝඨාගෝගම සිට ඉෂාක් සිරිපතුල චිත්‍රපටයේ ගීතය මතක් කරද්දි අපේ නොබිඳි සංස්කෘතික සශ්‍රිකත්වයේ ඉතිහාසයත්,එය විනාශ කළ ජාතිවාදයත් නිරන්තරයෙන්ම හදවතට දැනෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...