සධීරගෙන් සියල්ලෙන් සපිරි සුපිරි ඉණිමක් – ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

අබුඩාබි කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ශ්‍රී ලංකාව,ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය නියෝජනය කරමින් එරට ඒ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් අත් කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.එහිදී ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙතින් කඩුලු 6 ක පරාජයක් හිමි කර ගත්තේය.
කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය වගකීම මැනවින් ඉටු කරන්නට විය.ලකුණු 4 ක් වෙද්දී කඩුලු 3 ක් ම අහිමි වූ ඇෆ්ගන් කණ්ඩායමේ පිතිකරුවන්ට ශ්‍රී ලංකාව නොනවත්වා දැඩි අභියෝගයක් එල්ල කළ ද,ඇෆ්ගන් කණ්ඩායමේ නායක ඩ්‍රාවිඩ් අබ්දූල් රසූල් සටන්කාමී ඉණිමක් දියත් කරමින් ලකුණු 155 ක් රැස් කරන්නට සමත් විය.එම ලකුණු 155 පාදක කරගෙන පන්දු ඕවර් 50 නිමා වන විට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුලු 8 ක් දැවී ලකුණු 248 ක් රැස් කර ගැනීමට හැකි විය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුශංක ලකුණු 37 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.මොහොමඩ් සිරාස් ලකුණු 43 ට කඩුලු 2 ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 40 ට එක් කඩුල්ලක් දවා ගනිමින් කැපී පෙණින.


පිළිතුරු ඉණිම පහසු එකක් නොවිණ.කමිල් මිශාර ලකුණු නොලබාම දැවී ගිය අතර නවනිඳු ප්‍රනාන්දුගේ ඉරණම ද එයම විය.ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 2 ක් ව තිබියදී සධීර සමරවික්‍රම පිටියට පිවිසියේය.එතැන් පටන් නොදැවී සිට ලහිරු උදාර සමඟ ඉණිම ගොඩ නැංවූ සධීර පළමුව ලහිරු උදාර (81) තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සබඳතාවයක් පැවත්වීය.


නායකත්වයේ වගකීම් ප්‍රකට කළ ඉණිමක නිරත වූ සධීර සිව්වැනි කඩුල්ලට යළිත් අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහි තරගයේ වීරයා වූ සහන් ආරච්චිගේ සමග ලකුණු 72 ක සබඳතාවයක් ඇති කර ගැනිමට සමත් විය.ශ්‍රී ලංකාව තඩුලු 4 ක් දැවී ලකුණු 249 ක් ලබන විට සදීරගේ දායකත්වය පන්දු 110 දී නොදැවී ලකුණු 129 ක් විය.42 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ශ්‍රී ලංකාවට ජය හිමි වූ තරගයේ වීරයා වූයේ සියල්ලෙන් සපිරි සුපිරි ඉණිමක් දියත් කළ නායක සධීර සමරවික්‍රමය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...