පෝෂණීය බණ්ඩක්කා : පියයුරු පිළිකාවට හොඳ විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක

බණ්ඩක්කා කියන්නේ ඉතා ම ගුණදායක එළවලුවක්. ඒත් පොඩ්ඩො වගේ ම වැඩිහිටියොත් බණ්ඩක්කා කන්න ටිකක් හොරයි. නමුත් ඉතාම පෝෂණීය බණ්ඩක්කා වල ඇති අපූරු පෝෂණැ ගුණය පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා පැත්ත ගැන අද කෙටි සටහක් තබන්නට සිතුවෙමි.

බණ්ඩක්කාවල ඔබ නොදන්නා ගුණ 10ක්

  • බණ්ඩක්කාවල අඩංගු ලෙක්ටින් නම් ප්‍රෝටීන් වර්ගය පියයුරු පිළිකා වළක්වනවා. එහි අඩංගු ෆෝලේට් ද පියයුරු පිළිකා වළක්වන්නට උපකාරී වෙනවා.
  • බණ්ඩක්කා රුධිරගත සීනි මට්ටම අඩු කරනවා. දියවැඩියාවෙන් පෙළෙන අයට බණ්ඩක්කා විශිෂ්ට ආහාරයක්.
  • තන්තු අධික ආහාරයක් ලෙස බණ්ඩක්කා හඳුනාගන්නවා. මළ බද්ධයෙන් පීඩා විඳින අයට බණ්ඩක්කා දිව ඔසුවක් වගෙයි. ඒ වගේ ම තන්තුමය ගුණය නිසා හදවත් රෝග වැළකීමේ හැකියාවත් මේවා සතු යි.
  • විටමින් K ඔබේ අස්ථි ශක්තිමත් කරනවා. බණ්ඩක්කා ආහාරයට ගැනීම අස්ථිවල සෞඛ්‍යයට බලපාන්නේ ඒ අයුරින්.
  • එහි අඩංගු තන්තුමය ගුණය නිසා සහ කැලරි අඩු වීම නිසා ඔබේ කුස පිරුණු හැඟීමක් ගෙන එනවා. ආහාර පාලනය කරන අයට ඉතාම සුදුසු එළවලුවක් ලෙස හඳුනාගන්න පුළුවන්.
  • විවිධ ගුණ ඇති බණ්ඩක්කාවලට ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්නත් පුළුවන්. වෛරස් රෝග බහුල මෙවන් සමයක බණ්ඩක්කා අමතක කළ නොහැකියි.
  • ෆෝලේට් ඔබේ සරුබවට මෙන් ම ගර්භනීබවට ද එක සේ බලපානවා. දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ නිතර භාවිතා කළ යුතු ආහාරයක් තමයි මේ.
  • මොළය වර්ධනය කරන ආහාර අතුරෙන් එකක් ලෙස බණ්ඩක්කා හඳුනා ගැනෙනවා.    ඉගෙන ගන්නා වයසේ අය බණ්ඩක්කා ආහාරයට ගන්නම ඕනේ ඒ නිසා.
  • බණ්ඩක්කාවල අඩංගු විටමින් A ඇස්වල සෞඛ්‍යය සුරකිනවා.
  • විටමින් C ප්‍රභවයක් වන මේවා නිතර ආහාරයට ගැනීමෙන් ඔබට පැහැපත්, නීරෝගී සමක් උරුම කරගන්නට පුළුවන්.

බණ්ඩක්කා රසට හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ළපටි බණ්ඩක්කා 500g
  • කහ කුඩු තේ හැඳි බාගයක්
  • මිරිස්කුඩු මේස හැන්දක්
  • බැදපු තුනපහ කුඩු මේස හැන්දක්
  • අබ තේ හැඳි බාගයක්
  • උළුහාල් තේ හැඳි බාගයක්
  • උකුපොල් කිරි කෝප්ප බාගයක්
  • තක්කාලි ගෙඩියක් හෝ සියඹලා ටිකක්
  • අමු මිරිස් කරල් දෙකක්
  • සුදුළූනු බික් හතරක්
  • කරපිංචා සහ රම්පෙ
  • බී ලූණු ගෙඩියක්
  • තෙල්

හදන්නේ මෙහෙමයි

  • බණ්ඩක්කා හොඳින් සෝදා අඟලේ පමණ කැබලි කපා ගන්න.
  • ඒවා ගැඹුරු තෙලේ තරමක් අවපැහැවන තුරු බැදගෙන තෙල් බේරෙන්නට තබන්න.
  • දැන් වෙනත් වළඳකට තෙල් තේ හැන්දක් දමන්න.
  • එයට අබ සහ උළුහාල් දමා පුපුරවන්න.
  • එයට කහ, මිරිස් සහ තුනපහ දමා බැදෙන්නට දෙන්න.
  • සුදුළූණු, බීලූණු, කරපිංචා, රම්පෙ එක් කර සුවඳ එන තෙක් බදින්න.
  • දැන් එයට පොල් කිරි සහ බණ්ඩක්කා හැර ඉතිරි සියල්ල දමා නටන තෙක් උයාගන්න.
  • හොද්ද නටන විට ම බණ්ඩක්කා එක් කර විනාඩි පහක් පමණ මද ගින්දරේ උයාගන්න.
  • මේ මොහොතේදී කිරි බණ්ඩක්කාවලට උරාගෙන හොදි හිඳී යයි. එවිට ඉක්මනින් බාගන්න.

මෙසේ පිස ගැනීමෙන් බණ්ඩක්කා රසවත් ආහාරයක් යැයි ඔබට හැඟී යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...