BREAKING NEWS : ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ?

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇය ඇතුළු 5 දෙනෙකු මෙසේ නේපාල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පස්දෙනා අතර කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ සමීපතමයකු ද සිටින බවත් සඳහන්.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තු කූඩුවක් තුළ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වූ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාව එම ඝාතනය සිදුවූ 2025 පෙබරවාරි 19 දිනයේ සිටම සැඟව සිටි අතර ඇය රටින් පළාගොස් ඇතැයි පසුව සැක පහළ වී තිබිණි.

ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීම සඳහා ආධාර දුන් බවට චෝදනා කරමින් ඇයගේ මව සහ සහෝදරයා ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර පසුගිය ජුලි 11 වනදා ඇගේ මව හෘදයාබාධයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී මරණයට පත්ව ද තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...