චීනයෙන් අඛණ්ඩ සහය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාශීලිව චීන මුල්‍ය ආයතන, අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අඛණ්ඩව සහාය ලබාදෙන බව එරට චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසයි.

මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නය -:

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනය මෙම වේදිකාවට එක්වන්නේ නම් එය ඉතා සාදරයෙන් පිළිගන්නා බව ජපානය පවසනවා. මේ සඳහා චීනයේ ප්‍රතිචාරය කුමක්ද?”

වැන්ග් වෙන්බින් මහතා -:

“ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා අපි චීන මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය දෙන බව මම නැවත අවධාරණය කරනු ලබනවා. ශ්‍රී ලංකාවට ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපි අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරනු ලබනවා.”

“එමෙන්ම මෙම ණය අර්බුදය සාධාරණ හා සමාන අයුරින් බෙදීයන පදනමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස අපි වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන්ද ඉල්ලා සිටිනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...