සියලුම රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසර තුළ සියලුම රාජ්‍ය ආයතන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය ආයතන 420ක් ඒ අනුව කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙන අතර , විගණකාධිපති වාර්තාවට අනුව රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට වාර්ෂිකව කැඳවීම් සිදුකළ යුතු වුව ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බවද වාර්තා වෙයි.

අප්‍රේල් මාසය තුළ තවත් රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙන අතර , ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ වසර තුළ කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර පසු විපරමක් ලෙස ඒවා යළි කැඳවීමට නියමිතව ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...