සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජපන් රජයේ අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉතා උනන්දුවෙන් පසු වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසයි . මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පැවසුවේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග වොෂිංටන්හි පැවති හමුවකදි ඇය මේ බව සඳහන් කළ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජයිකා ආයතනයේ කැපවීම එහිදී ඉමොටෝ සචිකෝ මහත්මිය විසින් යළිත් වරක් අවධාරණය කර ඇති අතර , ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්තාරෝ ඔගාටා මහතා ද හමුවී ඇත. එහිදී ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතාව ඔහු යළිත් තහවුරු කර ඇති බව සඳහන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...