සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජපන් රජයේ අවධානය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉතා උනන්දුවෙන් පසු වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසයි . මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පැවසුවේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග වොෂිංටන්හි පැවති හමුවකදි ඇය මේ බව සඳහන් කළ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජයිකා ආයතනයේ කැපවීම එහිදී ඉමොටෝ සචිකෝ මහත්මිය විසින් යළිත් වරක් අවධාරණය කර ඇති අතර , ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්තාරෝ ඔගාටා මහතා ද හමුවී ඇත. එහිදී ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතාව ඔහු යළිත් තහවුරු කර ඇති බව සඳහන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

වසර 22ක ලීග් ශූරතා නියඟය නිමා වෙයි:  Mikel Artetaගේ සුවිශේෂී තීන්දුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : 2019 දෙසැම්බර් මාසයේදී...

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...