සූරිය මංගල්ලේ විකෘති කළැයි සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට !

Date:

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මතාගේ ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් සැකපිට සුරාබදු නිලධාරියෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය කෙරෙන “සූරිය මංගල්ලේ” නම් ගීතය විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුරාබදු නිලධාරියෙකි.

ඔහුව ඊයේ (16) වාරියපොල පිහිටි වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔහුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...