හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කරන ලද කණ්ඩායමේ උප නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට පවරා ඇත.ඒ මෙම සංචාරය සඳහා අනුෂ්කා සංජීවනී ක්‍රීඩා නොකරන නිසා විය හැකිය.අප කාලයක් තිස්සේ චමරිගෙන් පසුව හිස්වන නායකත්වයට තරුණ ක්‍රීඩිකාවක හුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර අප එහිදී යෝජනා කළේ ද එම වගකීමට හර්ෂිතා හෝ කවීශා දිල්හාරිව අත්හදා බැලීම වැදගත් බවය.


කෙසේ හෝ මේ සංචාරයට පමණක් සීමා නොකර හර්ෂිතා දිගටම චමරි යටතේ නායකත්වය සඳහා ලබන අභ්‍යාසය අඛණ්ඩව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ස්ථාවරය පවත්වාගෙන යාමට වැදගත් වෙනු ඇත.අනුෂ්කා සහ චමරි දෙදෙනාම සම වයසේ සිටින බැවින් එය අනාගතයට දීර්ඝ ලෙස යොදා ගත හැකි පලයක් ලෙස හඳුන්වා දිය නොහැකිය.


එසේම අනුෂ්කාගෙන් හිස්වන කඩුලු රැකීමේ කාර්යය බොහෝ විට කෞෂණී නෘත්‍යංගනාට හිමි වීමට ඉඩ ඇත.පාසල් වයසේ සිටම කඩුලු රකින්නියක ලෙස මෙන්ම පිතිකාරිණියක ලෙස ද කැපී පෙණෙන දස්කම් දක්වා ඇති නෘත්‍යංගනා ජාතික කණ්ඩායම වෙනුවෙන් ලද අවස්ථාවලදී කැපී පෙණෙන දස්කමක් පිත්තෙන් දක්වා නැත.ඒ නිසා ඇයට ද යම් ස්ථාවරබවක් කණ්ඩායම තුළ තිබෙන බැවින් පිත්තෙන්ද සුපුරුදු දස්කම් දැක්වීමට මෙය අවස්ථාවක් සකසා දෙනු ඇතැයි සිතිය හැකිය.


මේ සමඟ වන ඡායාරූපයේ නම් කරන ලද කණ්ඩායම ඇත.එහිදී ගෙවුණු අවුරුදු 19 න් පහළ තරගාවලිය නියෝජනය කළ රශ්මිකා සෙව්වන්දි සහ ශෂිනි ගිමිහානි ට ද යළි ජාතික කණ්ඩායමේ ඉඩ සැකසී තිබීම කැපි පෙනෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...