*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මහජන අරගලය අවතක්සේරු නොකරමු – මහජන නියෝජිත වගකීම ඉටුකරමු

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින බරපතල දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හේතුවෙන් සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය අපගේ පාලකයින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව පෙනීයයි. පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය හා පක්ෂ නායකයින් කටයුතු කල වගකීම් විරහිතභාවය පිළිබඳව පැෆ්රල් සංවිධානය දැඩි කණගාටුව පලකරමු.

ජනතා අරගල ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තහවුරු කලද එයින් ගම්‍යවන්නේ පාලකයන්ගේ අසමත්භාවයයි. මේ මොහොතේ පවතින ගැටලුවට පිළිතුරු සෙවීම ව්‍යවස්ථා රාමුව තුළ සිදුකිරීමේ වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බව අවධාරණය කරමු.

එහෙත් එ් සඳහා ප්‍රමාණවත් සූදානමක් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව මෙතෙක් සමත්වී නොමැත. අඩුම තරමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත 19, 20, 21 දිනවල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පවා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබාදී නොමැත. එ් හරහා සිදුවිය හැක්කේ මහජන නියෝජිතයින් පිළිබඳ අප්‍රසාදයද තවදුරටත් වර්ධනයවීමකි. එමෙන්ම රට බරපතල ලෙස ආර්ථික අගාධයකට ගමන් කිරීමකි. ඒ හරහා ගොඩනැගෙන සමාජ අසහනය පාලනය කල නොහැකි මට්ටමකට වර්ධනය වුවහොත් රට තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනයවී මනුෂ්‍ය ජීවිත අහිමි වුවහොත් ඔබ සියලු දෙනාට එම වගකීමෙන් මිදිය නොහැකි වනු ඇත.
එබැවින් මේ මොහොතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමස්ත පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වී මෙම ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කල යුතුව ඇත. රට මෙතරම් ආර්ථික, දේශපාලන අර්බුදයක තිබියදී පාර්ලිමේන්තුව නිතිපතා රැස්නොවීම අතිශයින්ම පුදුමසහගතය.

එබැවින් මේ මොහොතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමස්ත පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වී මෙම ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කල යුතුව ඇත. රට මෙතරම් ආර්ථික, දේශපාලන අර්බුදයක තිබියදී පාර්ලිමේන්තුව නිතිපතා රැස්නොවීම අතිශයින්ම පුදුමසහගතය.

සමබිමක් නිර්මාණය කිරීමට දායක වෙමින් පක්ෂ විපක්ෂ ඔබ සියලු දෙනාට මහජන නියෝජිතයින් ලෙස තේරීපත්වීම සඳහා දායකත්වය සැපයූ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වශයෙන් පැෆ්රල් සංවිධානයට ආණ්ඩුවේත් විපක්ෂයේත් මහජන නියෝජිතයන්ට කරුණු කිහිපයක් අවධාරණය කල යුතුව ඇත.

1. රට තුළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුධයන් ඇති බව පිළිගනිමින් හා එම තමන් වගකිව යුතු බවට සිහි තබාගනිමින් ඊට විසඳුම් සෙවීමේ මුඛ්‍ය වගකීම තමන් සතු බව අවබෝධ කරගත යුතුය.

2. ආණ්ඩුව නියෝජනය කරන නායකයින් මහජන අරගලය අවතක්සේරු කරමින් කරන ප්‍රකාශ වහා නවතාදැමිය යුතුය.

3. පසුගිය මැතිවරණයේදී ලබාගත් ලබාගත් ජනවරම උපුටා දක්වමින් මහජන අරගලය මගින් දෙන පණිවිඩය නොසලකා අරගලය දියාරු කිරීමට දරණ සියලු උත්සාහයන්ගෙන් වැළකිය යුතුය.

4. ඔබ බොහෝ දෙනා කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇති බැවින් විශ්වාසය තහවුරු කිරීම සඳහා රජය පාර්ශවයෙන් පිළිගත හැකි අවම පියවරයන් හෝ ගැනීමට වහා කටයුතු කල යුතුව ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය සාධනීය වෙනස්කම් සහිතව ආණ්ඩුව විසින් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒම හරහා විශ්වාසය ඇතිකරගැනීමේ පළමු පියවර තැබිය හැකි බව අපගේ විශ්වාසයයි.

5. ඒ වෙනුවෙන් රජයේ ඇති සූදානම රටට වහා ඉදිරිපත් කල යුතුය.

6. පාර්ලිමේන්තුවේ බහුතරය තබාගැනීමට හෝ ලබාගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී උපක්‍රම භාවිත කරනවා වෙනුවට විවෘත සංවාදයක් ආරම්භ කිරීම හා සියලු පාර්ශව තවදුරටත් දේශපාලන ක්‍රීඩාවන්හි නොයෙදෙමින් අර්බුධයේ බරපතලකම නිවැරදිව තේරුම්ගනිමින් ඒ සඳහා අවංක උත්සාහයක් ගැනිය යුතුය.

7. විපක්ෂයේ දේශපාලන පක්ෂද රට  මුහුණ දෙන බරපතල අභියෝගයේදී දේශපාලන වාසි අවාසි නොසලකා වගකීමෙන් කටයුතු කල යුතුය.

මේ මොහොතේ ඔබ සියලු දෙනා හැසිරෙන ආකාරයද ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායක හැසිරීමට සෘජුවම බලපානු ඇති බවට සිහිතබාගත යුතුය.

මේ මොහොතේ අප සියලු දෙනා  දේශපාලන, ජාති, ආගමික හා පංති භේද නොසලකා බල අරගල පසෙකලා කටයුතු කල යුතු මොහොතක් පැමිණ ඇත.

මැතිවරණ හරහා ලබාගන්නා දේශපාලන ස්ථාවරභාවය පමණක් මෙයට ස්ථිර විසඳුමක් නොවනු ඇත. ඉදිරි වසර දෙකක් සඳහාවත් අප පොදු වැඩපිළිවෙලකට යා යුතුව ඇත. ඒ සඳහා වර්තමාන ආණ්ඩුව අවංකව මහජන විරෝධය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුකර පවතින ව්‍යවස්ථා රාමුව තුළ විසඳුම් සෙවීමට වහා ක්‍රියාත්මක විය යුතුය. ප්‍රමාදවන දිනයක් පාසා ජනතා අසහනය වැඩිවනු ඇති අතර එය ඔවුන් අරගලය දෙසට වඩාත් තල්ලු කරනු ඇත.  

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ
PAFFREL

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan