පිළිතුරු දීමේ අයිතිය : “එක් වරක් මට්ටු වූ ඔබ දෙවරක් සිතිය යුතුය” ලිපිය සම්බන්ධයෙනි

Date:

“එක් වරක් මට්ටු වූ ඔබ දෙවරක් සිතිය යුතුය” ‍යනුවෙන් අප වෙබ් අඩවියෙහි ඊයේ (16) දිනයේදී පළවූ ලිපිය සම්බන්ධයෙන් එහි නම සඳහන් වූ තිසරු පීරිස් මහතා අප වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ මහතාගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් එම සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීම කිසිදු සංස්කරණයකින් තොරව මෙසේ පළකරන්නෙමු.


මම තිසරු පීරීස්. මීට කලින් නිව්ස් එකක් විදියට පේජ් එකකින් මම ගැන පල කර කරුණක් සම්බන්ධව අදහසක් දක්වන්න කැමතී.

එම නිව්ස් එකේ සදහන් විදියට මම තමයි රාජපක්ෂ පව්ලේ සල්ලී උගන්ඩා වලට උඩු ගුවනින් රැගෙන ගිය නිව්ස් එකේ නිර්මාතෘ සහ Ceylon Cafe-Uganda එක රාජපක්ෂ පව්ලේ දේපලක් බව බොරුවක් ප්‍රචාරය කලපු කෙනා.

නමුත් මම කලේ 2016 එම cafe ceylon එකේදීම ගත් චායාරූපයක් Google Review එකක් ලෙස 1-star රිවිව් එකක් සමග එම Cafe Ceylon ගූගල් පිටුවේ පල කිරීම. එම Screenshot එකත් මේ සමග එවමි.

එම review එක සමග උරණ වූ කෙනෙක් හෝ කණ්ඩායමක් ඒ ඔස්සේ පලිගැනීමේ චේතනාවෙන් යමින් මගේ නම යොදාගෙම කල අසත්‍ය අමූලික මර්දන අරමුණ ඔස්සේ මුදල් ගෙවා ප්‍රචාරය කල නිව්ස් එකක් දමන්න තරම් දේශපාලනය හා ඔව්න්ගේ සහචරයන් පහත් වෙලා. මේ ගැන කනගාටුයි.

මම සන්න්සස්ගල සර්ගේ ගෝලයේක් බවත් මම JVP ක්‍රියාකාරියෙක් බවත් සදහන් කරල තිබුනා. මම රැකියාවෙන් ඉංජිනේරුවෙක්. මට උපුල් ශාන්ත සන්න්සස්ගල සර්ව තාම ඇහැටවත් දැකල නෑ. මට පාට පක්ෂ බේදයකුත් නෑ. මම අරගලයට සම්බන්ධවුන සුලු දායකත්වයක් පමනක් දක්වපු කෙනෙක්. එහෙම අයට පවා මේ වගේ පීඩනයක් දෙන්න ආණ්ඩුව ක්‍රියාත්මක කරනවානම් ප්‍රභල ක්‍රියාකාරීන්ට මොනවා කරයිද?

මේ වගේ පහත් වැඩ වලින් දැන්වත් ආණ්ඩුව හෝ ආණ්ඩුවට ළැදි ක්‍රියාකාරීන් අසත්‍ය තොරතුරු පලකිරීම් නවතින්න ඕනි.

මේ මර්දනය දැඩි ලෙස හෙලාදකිනවා.

ස්තූතියි

No description available.
No description available.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...