*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉන්දියන් ආක්‍රමණය සහ වීරපුරන් අප්පුලා


ලංකාවෙන් ඉන්දියාවට යන දෙමළ අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නැයි තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර තිබේ.මෙසේ අවතැන්වන්නේ ආයුධවලින් කෙරෙන යුද්ධයක් නිසා ද?නැත.ආර්ථික යුද්ධය නිසා ය.ජවිපෙ ආශිර්වාදය හා දිරිගැන්වීම ද ඇති ව රාජපක්ෂ ආණ්ඩුව යුද්ධමය විසඳුමක් කරා එලඹෙන්නට කලකට පෙර සිට ම යුද්ධයෙන් අවතැන්වූවන් තමිල්නාඩුවට යෑමේ ප්‍රවණතාවක් තිබිණ.1985 වන විට 40000කට ආසන්න ප්‍රමාණයක් යුද බිය නිසා තමිල්නාඩුවට පලා ගොස් තිබිණ.ඔවුන් නඩත්තු කිරීම ඉන්දියන් රජයට ද ගැටලුවක් වූයේ  අවතැන්වූවන් සංක්‍රමණය වීමේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන්නට වූ හෙයිනි.යුද බිමෙහි දී දෙපාර්ශ්වයෙහි ගැටුමෙන් පීඩාවට පත් වූයේ මහජනතාව ය.මෙය ජේ.ආර් යුගය,ප්‍රේමදාස යුගය,විජේතුංග යුගය,චන්ද්‍රිකා යුගය හා මහින්ද යුගය යැයි ලොකු වෙනසක් නොමැත.යම් රටකට අසල්වැසි රටකින් අවතැන් වූවන් ඇදී එන විට ඔවුන්ට රැකවරණ දීම බරපතළ ගැටලුවකි.80 දශකයෙහි යුද්ධය නිසා අවතැන් වූවන්ගේ ගැටලුවවෙහි තර්කානුකුල අවසානය වූයේ පරිප්පු දැමීමෙන් පසුව අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමයි.ජවිපෙට  මෙය පෙනුණේ රට පාවාදීමක් ලෙස ය.ලංකාව ආක්‍රමණය කිරීමක් හැටියට ය.එනිසා “වඳුරු හමුදාව පන්නා දමමු” සටන් පාඨය යටතේ දේශප්‍රේමී යුද්ධයක් ද ආරම්භ විය.මේ අනුව උතුරේ කැරලිකරුවන් හා දකුණේ කැරලි කරුවන් ද අතුරු හමුදා ද අවි එසවීම ඔස්සේ ඝාතනය,මරණ බිය හා සාගින්න නිත්‍ය උරුමයක් බවට පත් විය.

ජවිපෙ නායකයකු වන ලාල් කාන්ත මෑතක දී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වෙමින් සුවිශේෂ ප්‍රකාශයක් කළේ ය.එනම් 88,89 කැරැල්ලට තුඩු දුන් අරගලය පටන්ගත්තේ ඉන්දියන් ආක්‍රමණයට එරෙහි ව බව ය.අනාගතයෙහි එවැනි තත්වයක් ඇති වුව හොත් ප්‍රතිචාර ද එසේ විය හැකි බව ය.එමෙන්ම තමන් වැරදි නම් වීරපුරන්අප්පු සහ ගොංගාලේ ගොඩ බණ්ඩා ද වැරදි බව ය.ජවිපෙ නායකයකු වන හඳුන්නෙත්ති ද අපූරු ප්‍රකාශයක් කළේ ය.එනම් තෙල් ටැංකි ඉන්දියාවට දීමේ ප්‍රයත්නය කෙළවර විය හැක්කේ ඉන්දියාව සහ ලංකාව අතර පාලම ද  ගොඩ නැගීමෙන් පසු විය හැකි බව ය.එමෙන් ම යුද්ධය නිමා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගැම්ම දුන්නේ තම පක්ෂය බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ ය.

දැන් අපි මුලට යමු.මේ අවස්ථාවෙහි රටෙහි යුද්ධයක් නොපවතී.එල්ටීටී සංවිධානය සමූලඝාතනය කර ඇත.එහෙත් දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳා නැත.යුද්ධය නිසා කිසිවක් කරගන්නට බැරි යයි කිව් පාලකයන්ට රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට නොහැකි වූ නිසා සිංහල,දෙමළ භේදයකින් තොර ව මහජනයා පාරට බසිමින් සිටී.මෙරට ජීවත් වීම හිරිහැරයක් වී ඇති හෙයින් ඇති හැකි අය යුරෝපා රටවලට යති.ඇමරිකාවට,කැනඩාවට පනිති.කිසිවක් කර ගත නොහැකි උදවිය තහනම් බෝට්ටුවකින් හෝ පිට රටකට යෑමට උත්සාහ දරති.යුද්ධයෙන් යන යන මං නැති වූ දෙමළ ජනතාවගෙන් පීඩිත ම ස්ථරයට සිදුව  ඇත්තේ කුමක් ද?අසල්වැසි ඉන්දියාවට පැන යෑමට ය.මේ ආරම්භය පමණි.රට තුළ පවතින ආර්ථික කඩා වැටීම අනුව මේ ප්‍රවණතාව ඉදිරියෙහි දී වර්ධනය විය හැකි ය.තමිල්නාඩුවට පැමිණෙන අවතැන් වූවන්ගේ ප්‍රමාණය වැඩි වන විට ඉන්දියාව එයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති ද?

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව අවි අතට ගත් ජවිපෙ පසු කාලයෙහි දී පළාත් සභාව ද නියෝජනය කළේ ය.පළාත් සභා හඳුන්වා දුන්නේ ද උතුරේ අරගලයට විකල්ප විසඳුමක් ලෙස ය.එහෙත් පළාත් සභා ක්‍රමයෙහි බරපතළ ගැටලුවක් වනුයේ ව්‍යවස්ථාවෙහි සඳහන් බලය පළාත් සභාවලට නොලැබීම ය.එම ගැටලු.
1.මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ පළාත් සභාවේ බලතල හරිහැටි බෙදා වෙන් නොකිරීම

2.මූල්‍ය බලතල පිළිබඳ අවසාන බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම.

3.පළාත්වලින් අය කෙරෙන බදු මුදල්වලින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙහිදී එම පළාත්වල යෝජනා ඉවත දැමීම.

තවත් ගැටලු රාශියකි.උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය පවත්වා සක්‍රිය පළාත් සභාවක් පිහිටු වූයේ යුද්ධයෙන් පසු ව ය.එහෙත් එම පළාත් සභාව පළාතට අදාළ ප්‍රඥප්තීන් සැදීමට අසමත් විය.අත්දැකීම් අඩු මහඇමතිවරයකු වූ විග්නේශ්වරන් හට දකුණේ පළාත් සභාවල අත්දැකීම් ඇති අයගේ සහාය ද නොලැබිණ.මේ නිසා පළාත්සභාවට වෙන්වූ මුදලෙන් කොටසක් ආපසු මහා භාණ්ඩාගාරයට යැවිණ.යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක වූ උතුරු නැගෙනහිර පළාත් සභා හරියාකාර ව ක්‍රියාත්මක වූයේ නම් යුද්ධයෙන් කඩා වැටී තිබූ ජනදිවියට යම් අස්වැසිල්ලක් ලැබෙන්නට ඉඩ තිබිණ.අනෙක් වැදගත් කරුණ නම් යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ පාලන කාලයෙහි පිහිටුවනු ලැබූ උගත් පාඩම් කොමිසමේ (LLRC)නිර්දේශ ක්‍රියාත්මක කිරීම හිතාමතා පැහැර හැරීමයි.චන්ද්‍රිකා පාලන සමයෙහි යෝජනා වූ සුනාමි සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වැළැක්වූයේ ද රාජපක්ෂ,ජවිපෙ,හෙළ උරුම කණ්ඩායම් විසිනි.ඊට අවශ්‍ය අධිකරණ තීන්දුව ද ලැබිණ.මෙහි දී මුළු රටට ම බල පෑ අගතීන් ද උතුරු නැගෙනහිරට සුවිශේෂ වශයෙන් බල පෑ අගතීන් ද පිළිබඳ වගවිභාගයක් අවශ්‍ය වේ.ජවිපෙ වැනි සාම්ප්‍රදායික පක්ෂ තවමත් යල්පැනගිය අදහස්වල පසු වීම මේ කතිකාවට බාධාවකි.
1 ඉන්දියන් ආක්‍රමණය

2.හනුමා පාලම

3.දේශප්‍රේමය

4.රණවිරු වන්දනාව

එමපක්ෂ විඥානයෙහි තවමත් හොල්මන් කරනු පෙනේ.කෙසේ නමුත්  දැති රෝදය යළි කරකැවෙයි.දෙමළ අවතැන්වූවන් ඉන්දියාවට පලා යෑමෙන් පෙන්නුම් කරන්නේ එයයි.එදා එය සිදුවූයේ අවිආයුධවලින් කෙරුණු යුද්ධය නිසා ය.

අද එය සිදුවන්නේ ආර්ථික යුද්ධය නිසා ය.

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan