ගෝල්ෆේස් විරෝධතා වලට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ද සහාය – අඟහරුවාදා වැඩවර්ජනයක්!

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා වත්මන් රජයට විරෝධය පළකරමින් ගාලුමුවදොර පිටියේ හා දිවයින පුරා පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයන්ට සහාය පළකිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව, එළඹෙන අඟහරුවාදා (19) දින එක්-දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැනුම් දෙයි.

මෙම එක්-දින සංකේත වැඩවර්ජනය දිවයින පුරා රජයේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක වන බවයි එම සංගමය පවසන්නේ.

මීට අමතරව, එදිනම කොළඹ විශ්ව විද්‍යාලයේ සිට ගාලුමුවදොර දක්වා විරෝධතා පාගමනක් ක්‍රියාත්මක කිරීමට ද එම සංගමය සැලසුම් කරමින් සිටී.

එම පාගමන අඟහරුවාද (19) දින ප.ව. 01 ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර, රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු කඩිනමින් හා පූර්ණ ධාරිතාවයකින් යුතුව නැවත ආරම්භ කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...