“කේ ටූ එයිටීන් බී” නව දුරස්ථ ග්‍රහ ලෝකයක් සොයා ගැනේ!

Date:

රෂිකා හෙන්නායක

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින්, තාරකාවක් වටා කක්ෂගත වන ජීවය පැවතිය හැකි දුරස්ථ ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. 

මෙම කණ්ඩායම පවසන්නේ පෘථිවියේ වායුගෝලයට සමාන ලක්ෂණ මෙම ග්‍රහලෝකයේ ඇති බවත්, මෙම ග්‍රහලෝකයේ ඇතැම් අනු කොටස් පෘථිවි ග්‍රහලෝකයට සමාන බවටද පැවසේ. 

එය නම් කර ඇත්තේ “කේ ටූ එයිටීන් බී” ලෙසයි. මෙම ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්. ග්‍රහලෝකයක වායුගෝලයේ ජීවයට සම්බන්ධ රසායනික ද්‍රව්‍ය අනාවරණය කරගත් දෙවන සහ වඩාත් සාර්ථක අවස්ථාව මෙය බව පැවසේ. 

නමුත් මෙම ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා තවත් දත්ත අවශ්‍ය බව මෙම කණ්ඩායම පවසා තිබෙනවා. “කේ ටූ එයිටීන් බී” ග්‍රහලෝකය පෘථිවියේ ප්‍රමාණයෙන් දෙහමාරක ගුණයක් වන අතර පෘථිවියට සැතපුම් ටි්‍රලියන හත්සියයක් දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ පරික්‍ෂකයින් පවසන්නේ, එම ග්‍රහලෝකයට අයත් වායුගෝලයේ ඇති බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය පෘථිවිය සතුව ඇති ප්‍රමාණයට වඩා දහස් ගුණයකින් අධික බවයි . 


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...