වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ මෙන්න!

කොළඹ LNW:එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බවයි සඳහන් වන්නේ.

දියර කිරි සහ යෝගට්වලට අමතරව, විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

එසේම ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලාංකිකයින්​ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත විසින් සිය අනුමැතිය ලබා දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...