හාවඩ්’ ජාත්‍යන්තර සිසුන්ට තහනම් වන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ වඩාත්ම කීර්තිමත් විශ්ව විද්‍යාල වලින් එකක් වන හාවඩ් විශ්ව විද්‍යාලයට ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම තහනම් කරන බවට ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබේ.

පසුගිය වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය තුළ 27%ක් ජාත්‍යන්තර සිසුන් සිට ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉල්ලීම්වලට හිස නොනමන බවට හාවඩ් විශ්ව විද්‍යාලය නිවේදනය කිරීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ හාවඩ් විහිළුවක් බවත්, වෛරය සහ මෝඩකම උගන්වන බවටත් සඳහන් කර තිබු අතර හාවඩ් තවදුරටත් හොඳ ඉගෙනුම් ස්ථානයක් ලෙස සැලකිය නොහැකි අතර, ලෝකයේ ශ්‍රේෂ්ඨ විශ්ව විද්‍යාල හෝ විද්‍යාල ලැයිස්තුවක නොසැලකිය යුතු බවත්, තවදුරටත් ෆෙඩරල් අරමුදල් ලබා නොගත යුතු බවත් සඳහන් කර තිබිණි.

පසුගියදා ධවල මන්දිරය එක්සත් ජනපදය විශ්ව විද්‍යාලයට බඳවා ගැනීම්, ඇතුළත් කිරීම් සහ ඉගැන්වීමේ පිළිවෙත් වෙනස් කරන ලෙස ඉල්ලා ඇති අතර එය විශ්ව විද්‍යාලය තුළ යුදෙව් විරෝධීවාදයට එරෙහිව සටන් කිරීමට උපකාරී වනු ඇතැයි පවසයි.

ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් විදේශීය ශිෂ්‍ය වීසා හිමියන්ගේ නීති විරෝධී හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් සම්බන්ධයෙන් විස්තර ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රක්ෂයක් නිකුත් කරමින් හාවඩ් සභාපති ඇලන් ගාර්බර් සඳහන් කර තිබුණේ, හාවඩ් සිය තීන්දු තීරණ අනුව ක්‍රියාත්මක වන බවත්, සටන ඇත නොහරින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...