“කේ ටූ එයිටීන් බී” නව දුරස්ථ ග්‍රහ ලෝකයක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින්, තාරකාවක් වටා කක්ෂගත වන ජීවය පැවතිය හැකි දුරස්ථ ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. 

මෙම කණ්ඩායම පවසන්නේ පෘථිවියේ වායුගෝලයට සමාන ලක්ෂණ මෙම ග්‍රහලෝකයේ ඇති බවත්, මෙම ග්‍රහලෝකයේ ඇතැම් අනු කොටස් පෘථිවි ග්‍රහලෝකයට සමාන බවටද පැවසේ. 

එය නම් කර ඇත්තේ “කේ ටූ එයිටීන් බී” ලෙසයි. මෙම ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්. ග්‍රහලෝකයක වායුගෝලයේ ජීවයට සම්බන්ධ රසායනික ද්‍රව්‍ය අනාවරණය කරගත් දෙවන සහ වඩාත් සාර්ථක අවස්ථාව මෙය බව පැවසේ. 

නමුත් මෙම ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා තවත් දත්ත අවශ්‍ය බව මෙම කණ්ඩායම පවසා තිබෙනවා. “කේ ටූ එයිටීන් බී” ග්‍රහලෝකය පෘථිවියේ ප්‍රමාණයෙන් දෙහමාරක ගුණයක් වන අතර පෘථිවියට සැතපුම් ටි්‍රලියන හත්සියයක් දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ පරික්‍ෂකයින් පවසන්නේ, එම ග්‍රහලෝකයට අයත් වායුගෝලයේ ඇති බව කියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය පෘථිවිය සතුව ඇති ප්‍රමාණයට වඩා දහස් ගුණයකින් අධික බවයි . 


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...