සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ රාජ්‍ය බලය පැහැරගනු ලැබූ හමුදාපති මින් අවුන් හ්ලයින් පසුගිය මාසයේ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානතම නිල කාර්යක් වශයෙන් සිරකරුවන් 4,335 දෙනෙකු වෙත පොදු සමාව ලබා දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
සාමාන්‍යයෙන් මියන්මාරයේ සෑම වසරකම ජනවාරි මාසයේ නිදහස් දිනය සහ අප්‍රේල් මාසයේ නව වසර සැමරීම සඳහා පොදු සමාව ලබා දෙනු ලබන අතර 2021 කුමන්ත්‍රණයෙන් පසු රඳවාගෙන සිටින 30,000 කට වැඩි පිරිස අතරින් හිටපු ජනාධිපති වින් මයින්ට්ට හා ඔහුගේ වරදකරුවන්ට සමාව ලබා දී තිබිණි.
මිට අමතරව පෙළඹවීම සහ දූෂණයේ සිට මැතිවරණ වංචා සහ රාජ්‍ය රහස් නීතියක් උල්ලංඝනය කිරීම යන චෝදනා මත වසර 27කට සිරගත කර සිටින හිටපු නායිකා අවුන් සාන් සූ කීගේ දඬුවම්ද ලිහිල්කර ඇති අතර මෙවර නිදහස් කිරීමට නියමිත සිරකරුවන් 4,335 දෙනා අතර විදේශිකයන් 179 දෙනෙකු සිටින අතර ඔවුන් පිටුවහල් කිරීමට නියමිත බව ද අනාවරණය වේ.



