සිරිල් ගාමිණී පියතුමාව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමාට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ය.

ඒ අනුව සිරිල් ගාමිණී පියතුමාට අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

RN