එළවළු ගණන් බහී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW): ඊයේ (17) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිලදිනයේදී රුපියල් 15 ක් දක්වා පහත වැටී තිබූ බවත්, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40ක් දක්වාද, රාබු කිලෝවක තොග මිල රුපියල් 35ක් දක්වාද, කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක තොග මිල රුපියල් 20ක් දක්වාද, වැටකොළු කිලෝවක තොග මිල රුපියල් 40 ක් දක්වාද, බණ්ඩක්කා, මෑකරල්, පොළොස් සහ පතෝල කිලෝවක තොග මිල රුපියල් 50ක් දක්වාද පහත වැටී තිබුණු බව වාර්තා වේ,

මෙලෙස මිල ගණන් විශාල ලෙස අඩුවීමට හේතු වී ඇත්තේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන පැමිණියද, එළවළු මිලදී ගැනීමට වෙළෙඳුන් නොපැමිණීම නිසා බව පැවසේ.

මෙලෙස දඹුල්ලේ තක්කාලි කිලෝවක් රුපියල් 15ක් දක්වා පහත බැස තිබුණද, පිටකොටුව එළවළු වෙළෙඳපොළේ ඊයේ (17 වැනිදා) දිනයේදී තක්කාලි කිලෝවක් රුපියල් 100ත් 150ත් අතර සිල්ලර මිලකට අළෙවි වූ බවද වාර්තා වේ.

පිටකොටුව එළවළු වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 120 කටද, කැරට් කිලෝවක් රුපියල් 300 කටද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100 කටද, බටු කිලෝවක් රුපියල් 180 කටද අලෙවි වී ඇත.

පිටකොටුව සිල්ලර වෙළෙඳපොළේද ඊයේ දිනයේදී එළවළු සඳහා පැවතියේ අඩු ඉල්ලුමක් බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!